නැදගමුවේ මහානාම හිමිගේ ඝාතකයන් අසු වූ හැටි
සීදුව, රද්දොළුව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ නැදගමුවේ මහානාම හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට පත්ව සිටින පොඩි හාමුදුරුවන් අත්අඩංගුවට පත්වන විට සියලුම පරීක්ෂාවන් අවසන් කර ගුවන්යානයට ගොඩවීමට කැඳවීම් ලැබෙන තෙක් රැදී සිටි බවත් අදාල ආගමන විගමන නිලධාරිනියට සැකසිතී පරීක්ෂා නොකළේ නම් රටින් පැන යෑමේ ඉඩ තිබූ බවත් එම නිලධාරියා කීය.