IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආරවුලකට පැමිණිලි කරන්න ඇවිත් පොලිසිය ඇතුළේදීත් ගුටි ඇනගෙන

(මොහොමඩ් ආසික්)

දෙපිරිසක්  අතර ඇති වූ  ආරාවුලකදි පහර කෑමකට ලක් වූ  බව කියන පුද්ගලයෙකු පොලීසියට පැමිණ  පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටියදී එම ස්ථානයට  තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි  අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකුට පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් පොලීසිය තුලදීම  පහර  දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට  පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කටුගස්තොට පොලිස් බල ප්‍ර දේශයට අයත් ගම්මානයක දෙපිරිසක්  අතර ඇති වූ ආරාවුලක් දුර දිගගොස් පහර දී ගැනීම දක්වා වර්ධනය වී  තිබිණ. මෙසේ පහර කෑමට ලක්වූ එක් පුද්ගලයෙකු තුවාල ද සමඟ කටුගස්තොට පොලිසියට දිව ගියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිම සඳහායි. එම අවස්ථාවේ ඔහුගේ පුතාද ඔහු සමඟ පැමිණ සිටි අතර අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකුද පැමිණිල්ලක්  ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටියේය. 

මේ අවස්ථාවේදී මුල් පැමිණිලිකරුගේ පුතා අනෙක් පාර්ශවයේ පුද්ගලයා දැක කෝපයට  පත්ව පොලීසිය තුලදීම  ඔහුට පහර දී තිබේ. එම අවස්ථාවේදී පොලීස්  නිලධාරින් ඉදිරිපත් වී ඔහු  නවතා අත් අඩංගුවට ගනු  ලැබ ඇති අතර  පසුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

ආරවුලකට පැමිණිලි කරන්න ඇවිත් පොලිසිය ඇතුළේදීත් ගුටි ඇනගෙන

Sremitha Priyankara Senanayaka ( Puthu Ayiya) Sunday, 18 September 2022 05:19 PM

හොරුන්ගේ ගුහාවක්.., පගාමරුවෝ පිරිලා, මගේ කේස් කීයක් මම සල්ලි දීලා බේරුණාද? තාම මට වොරන්ට් 4ක් තියෙනවා. රාළහාමිට මාසෙට 30000 ක් දුන්නාම ගෙදරටම ඇවිත් තේ බීලා යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site