IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය ආයතන ගැන විගණකාධිපති වාර්තාවක් එළියට

(මුදිතා දයානන්ද)

රාජ්‍ය ආයතන 73 භාවිතා කරන ගොඩනැගිලි  සියයට 97ක්ම නිසි සැලසුමකට අනුව සකසා නැති විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ඒවාට භාවිතයට සුදුසු බවට නිකුත් කරනු ලබන අනුකූලතා සහතික ද නොමැති බවද එම  නවතම වාර්තාවක සඳහන් වේ.

මෙම රාජ්‍ය ආයතන 73 හි හිමිකාරිත්වය යටතේ පවත්නා ගොඩනැගිලි 258කින් 248කට ද, ඔවුන් කුලී පදනම යටතේ ලබාගෙන තිබෙන ගොඩනැගිලි 513කටද අනුකූලතා සහිතක ලැබී නැතැයි ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

අනුකූලතා සහතික නිකුත් කිරිමට සුදුසු නොවූ එහෙත් අදාල ආයතන  ප්‍රයෝජනයට ගන්නා අනෙකුත් ගොඩනැගිලි සම්බන්ධයෙන් මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද එම වාර්තාවේ සඳහන්වේ.

රාජ්‍ය ආයතනවල හිමිකාරිත්වය යටතේ පවත්නා හා කුලී පදනම යටතේ ලබාගෙන තිබෙන ගොඩනැගිලිවලට අනුකූලතා සහතික ලබාගැනීම සම්බන්ධයෙන් විගණනය කරන ලද විමසීමේදි එයට පිළිතුරු ලබාදී තිබෙන්නේ ආයතන73 පමණක් වන අතර මෙම වාර්තාවේ දැක්වෙන්නේ එම ආයතන යටතේ පවත්නා ගොඩනැගිලි සම්බන්ධයෙන් පමණි.



අදහස් (1)

රාජ්‍ය ආයතන ගැන විගණකාධිපති වාර්තාවක් එළියට

ranjith Monday, 19 September 2022 06:56 AM

මෙහෙව් පාලකයන්ට රටක් හදන්න පුළුවන්ද? බංකොළොත් වෙනවා කියන එක අහන්න දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site