(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර් ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර් ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ශ්‍රී ලංකාව, ආර්ථික සහ විදේශ විනිමය අර්බුදයෙන් සෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින මෙම අවස්ථාවේ රුසියාවෙන් විශාල සහායක් බලාපොරොත්තු වන බවත් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා වල සුභදායී ප්‍රගතියක් තිබෙන බවත් ගුණවර්ධන මහතා එහිදී පෙන්වා දී තිබේ.
රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සහ රටේ පවතින ඉන්ධන අර්බුදයට සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ණයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටි බව ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
එරෝෆ්ලොට් ගුවන් ගමන් අත්හිටුවීමට හේතු වූ එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීමේ සිද්ධිය පිළිබඳ තමන් සමාව අයැද සිටින බව ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රියා නොවස්ති පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇතැයි රුසියන් ටුඩේ පුවත් සේවය වාර් තා කළේය.
උසාවි නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම අවාසනාවන්ත සිදුවීමක් බවත් එය බරපතල අත්වැරැද්දක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමාව අයැද සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.නැවත මෙවැනි දෙයක් සිදු නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන මහතා සහ ශ්‍රී ලංකා රජය සහතික වන බවත් කිසිම ගුවන් යානයක් ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් ගුණවර් ධන මහතා එහිදී පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් ඔක්තෝම්බර් මස මැද වන විට ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබෙන බව ගුණවර් ධන මහතා එහිදී පෙන්වා දී ඇත.
එම්.අයි.ආර් ලෙස හැඳින්වෙන රුසියානු ගෙවීම් පද්ධතිය සමඟ සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්, රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් දෙරටේ මහ බැංකු අතරද මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවත් බන්දුල ගුණවර් ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මාස්ටර් සහ වීසා කාඩ්පත් රුසියානු ජාතිකයින්ට භාවිත කළ නොහැකි නිසා රුසියානු ගෙවීම් පද්ධතියට සම්බන්ධ වූ විට ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයින් හට රුසියානු ණය කාඩ්පත් සහ හර කාඩ්පත් භාවිත කිරීමට ඉඩ ලැබීම හේතුවෙන් ඔවුන්ට පහසුවක් වන බව ගුණවර්ධන මහතා එහිදී සඳහන් කර ඇත.මහ බැංකුවෙන් අනුමැතිය ලැබුණු පසු මේ බව නිවේදනය කරන බව ඔහු පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් නයි කප්පිත්තෝ
අඳ, ගොළු, බිහිරි නොම... වන මුත් යදින ගැතිකම... බැඳ ගත් ගොනුන් සම... සදා නොමිදෙන දුක,..වහල් කම...!
ණය ගැනීම සහ හොරකම් කිරීම... එපමණයි අහන්න තියෙන්නේ...
ඔව්, උඹලට ලොකු ලොකු වාහන වලට ගහන්න ඉන්ධන ඕනනේ. ඔය එහෙන් මෙහෙන් ණය ගන්න ගමන් මාටියා ගහන්නත් පුළුවන්නේ නේද? තව අවුරුදු සියයකින් ඉපදෙන්න ඉන්න මනුස්සයොත් ණයකාරයෝ කොරලා තමයි උඹලා පොළොවට පස් වෙන්නේ.
අරගලයට දෙස් තිය තියා මේ අයට බැන බැන ඉමු. සුද්දෝ ඇවිත් රට හදලා දෙනකන්...
මොවුන්ට රජකාලෙ දඬුවම් තමයි දෙන්න ඕනේ...
පුලුවන් තරම් ලෝකෙන්ම ණය ගන්ඩ හදනවා.දේසපාලුවෝ බඩ වඩා ගනී.නූපන් දරුවන්ට තමා ඒවත් කවදහරි ගෙවන්ඩ වෙන්නේ? මෙහෙමත් දූෂිත දේසපාලුවෝ ?
මුන් අවුරුදු කාලේට වැඩ කරන්නෙ නැහැ වඪ අල්ලන නැකත එනකම්. ඒ. ඉට පස්සෙ හිගා කන එකයි හොරා කන එකයි තමා රාජකාරිය. ඉදිරියේදි. මුන් අපෙනුත් නයට ඉල්ලයි. නයට නොදෙන අයට රටට ඇතුල් විම තහනම් කරයි. ඒ තරම් ගොන්නු. හිග්න්නන් ගෙනුත්. සල්ලි ගනියි ලයිසන් දිලා. ලොකු අපලයක් උදාවෙලා තියෙන්නෙ රටෙ ජනතාවට. මුන්ගෙ මුනවල්. හදාගෙන. ඒවාට පහන් පත්තු කරන්න ඕන. මුන්වත් ඩුරු වේලාම යන්න. මුන්ට ලැජ්ජා නැත්ද. නය ගෙවන්න තියෙනකොට තවත් නයටගන්න. මුන්ගෙ ගෙවල් ගිනිතියන්නෙ නැතිව. මුන්ව රටෙන් යනකම්ම. එලවන්න තිබුනේ. දැන් අලුත්ම සෙල්ලම තරුනයින්ව රට පටවන එක. ඇයි මුන් යන්බෙ නැත්තෙ. වැඩ කරන්න. චිනයෙ කෝටි 122 ක් ඉන්නවා ජනතාව. ඇමතිලා 60 ගානායි. ඒකට අපෙකෝටි දෙකට 250. මුන්ට පිස්සු. එත් ආයතන කඩා වැටිලා. පිටරට්ට විකුනනවා. මුන් මොනවද කරන්නෙ. තවත් බලන් ඉන්නෙ නැතිව මුන්ව එලවන්න ඕන. වැඩිහිටියන් තරුනයින් සමග නැගිටින්න මුන්ව එලවන්බ
ඉස්සර නම් ණයක් ගන්නවා.. උගසක් ගන්නවා කියන්නේ ලැජ්ජාවෙන් හැමෝටම හොරෙන් කරන වැඩක්... මොවුන්ට ඒක දැන් පම්පෝරියක්...
ඇරගලයට බැනපු අයට දැන් සැප ද?