(යොහාන් භාසුර)
සීදුව, රද්දොළුව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ නැදගමුවේ මහානාම හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට පත්ව සිටින පොඩි හාමුදුරුවන් අත්අඩංගුවට පත්වන විට සියලුම පරීක්‍ෂාවන් අවසන් කර ගුවන්යානයට ගොඩවීමට කැඳවීම් ලැබෙන තෙක් රැදී සිටි බවත් අදාල ආගමන විගමන නිලධාරිනියට සැකසිතී පරීක්‍ෂා නොකළේ නම් රටින් පැන යෑමේ ඉඩ තිබූ බවත් එම නිලධාරියා කීය.
එම ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් ආගමන විගමන තොරතුරු පද්ධතිය තුළ කිසිඳු විශේෂ සටහනක් ඇතුළත් නොතිබීම නිසා අදාල නිලධාරිනිය ආගමන කටයුතු අවසන් කිරීමෙන් පසුව ස්වාමීන් වහන්සේ පිටත්කර හැර ඇති බවත් එහිදී ස්වාමීන් වහන්සේගෙන් එම මරණය පිළිබඳව කරුණු විමසුව ද එවැනි සිද්ධියක් නොදන්නා ලෙස හැසිරී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
උන්වහන්සේගේ පිටත්කර හැර විනාඩි 10 කට පමණ පසු ලිපියන සීදුව ප්‍රදේශයේ වීම නිසා ආගමන විගමන ඉහළ නිලධාරීන් සහ ගුවන්තොටුපළ පොලිස් බුද්ධි අංශය දැනුවත් කිරීමට නිලධාරිය කටයුතු කිරීමෙන් පසුව ආගමන විගමන නිලධාරීන් සහ පොලිසිය ගොස් සැකකාර ස්වාමීන්වහන්සේ භාරයට ගෙන ප්‍රශ්න කළ ද කිසිවක් හෙළි නොකළ බව කී එම නිලධාරියා සඳහන් කළේ ඉන් පසුව එම ස්ථානයෙන් රැගෙන විත් කටුනායක පොලිසියට භාරදුන් බවත්ය.
අළුයම 3.30 ට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයට ගොඩවීමට සැකකාර ස්වාමීන්වහන්සේ රාත්‍රී 11.30 ට පමණ ගුවන්තොටුපළට පැමිණ සිටි බව ද වාර්තා වේ. අදාල සැකකාර ස්වාමීන්වහන්සේ මේ වන විට රැඳවුම් නියෝග මත කටුනායක පොලිසිය භාරයේ පසුවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු හාමුදුරුවන්ගෙයි පොඩි හාමුදුරුවන්ගෙයි හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට එලිවෙයි. දිනපතා පත්තර කියවන්න අමතක නොකරමු.
නියමයි..!