IMG-LOGO

ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් තනතුරු ඉවතට?

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමු පියවර ලෙස ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර,පසුව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඉකුත් දා පැවති අතර,මේ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුවට එක්ව කැබිනට් ඇමති ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන අතර,ළගදි රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද,චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරුන් උප ලේකම්වරුන් ලෙස ද කටයුතු කරති.

ඒ අනුව මෙම පිරිස එම තනතුරුවලින් ඉවත් කිරීම සිදුවනු ඇතැයි වාර්තා වේ.

 



අදහස් (3)

ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් තනතුරු ඉවතට?

ravin Saturday, 17 September 2022 12:23 PM

ජයවේවා..! කොහොමත් නොකෙරෙන බේතට කෝඳුරු හත්පට්ටයකුත්, ටිකකුත් ඕනෑය කියලා දැනගෙන වෙන්නැති...

:       1       9

ranjith Saturday, 17 September 2022 01:56 PM

ඉතුරු කීප දෙනාත් පොහොට්ටුවට යවලා, විනාශ කරපු SLFP එක බණ්ඩාරනායකලාටම දීලා දාන්න... දැන් ඇති බණ්ඩාරනායක නම විකුණලා ගහපු ගේම් ටික...

:       0       9

Demuni Uduwara Sunday, 18 September 2022 08:56 AM

විනය අනිවාර්යයි!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 463 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site