IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා - පුටින්

යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට පවසා ඇත.

පසුගිය දා උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර පැවැති ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වුණු පුටින් සහ මෝදි සමුළුව අතරතුරේ හමුවී සාකච්ඡා පැවැත්වූහ. එහිදී යුක්රේන රුසියන් යුද්ධය ප්‍රධාන මාතෘකාව බවට පත් විය.

රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය. එම ආක්‍රමණයෙන් පසු පුටින් සහ මෝදි අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ඇමෙරිකන් මාධ්‍ය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රශංසා කරමින් පුවත් පළ කර ඇත. ඒ, මෝදි, පුටින් හමුවුණු අවස්ථාවේදී, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් විරෝධය පළ කළ බැවිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා - පුටින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site