(සුජිත් හේවාජුලිගේ )
රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී දවස පුරා විවෘත කෙරුණු පාර්ලිමේන්තු සභා ගර්භයට( Parliament Chamber) පිවිසෙන ප්‍රධාන දොරවල් නැවතත් වසා දැමීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ අනුව ලබන සතියේ ආරම්භක රැස්වීම් දිනයේ සිටම එම දොරවල් වසා තැබෙනු ඇත.
කොරෝනා පැතිරීමත් සමග වෛද්‍ය නිර්දේශ මත මෙම දොරවල් රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී විවෘත කෙරුණේ පාර්ලිමේන්තු සභා ගර්භයට වාතාශ්‍රය ලබාදීමේ පියවරක් ලෙස බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් තත්වය බොහෝදුරට පාලනයවී ඇති හෙයින් දැන් ඒවා වසා දැමීම ගැටළුවක් නොමැති බව වෛද්‍යවරුන් දැනුම්දී ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන දොරවල් රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී නැවතත් වසා දැමීමට තීරණය කළ බව වේත්‍රධාරිවරයා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් පැතිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටකට ආසන්න පිරිසක් එම රෝගයට ගොදුරුවූහ.
මන්ත්‍රීවරු තවත් සියයකට වැඩි පිරිසක් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන්වී නිවෙස් නිරෝධායනයට යොමු කරනු ලැබූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනාවට ඇරුණු මැතිසබයේ දොරවල් යළි වැසෙයි