(අංජුල මහික වීරරත්න)
බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට ළගා විය.
ලන්ඩන් නුවරට ළගා වූ ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor), බ්‍රිතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් (Dave Easton) සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. හෙට (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී පැවැත්වෙන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවන ජනාධිපතිවරයා ලබන බදාදා (21) අළුයම නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
මේ අතර යටතේ ජනපති යටතේ පවතින අමාත්‍යාංශ වල රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී අමාත්‍ය ධූරයන්හි වගකිම් පවරා තිබේ.
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත්, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ මහත්මියත්, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත්, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාත් පත් කර තිබේ.
ලන්ඩන් නුවරට ළගා වූ ජනාධිපතිවරයා පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor), බ්‍රිතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් (Dave Easton) සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීන් විසින් පිළිගෙන කැඳවා ගෙන ගිය අවස්ථාව.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපති ලන්ඩන් නුවරට ලඟා වෙයි
Asanga Sunday, 18 September 2022 05:47 PM
රටේ සල්ලි කාබාසිනිය කරපියව් තවත්.
chandimaMonday, 19 September 2022 12:34 AM
එහෙම කියන්න එපා... සුද්දෝ හදලා ගිය දුම්රිය පාරවල්වල යන ගමන් සුද්දන් වගාකරපු තේ ටික විකුණලා කීයක් හරි හොයාගන්න ගමන් සුද්දෝ නිකන් දීපු වික්ටෝරියා ජලාශයේ විදුලි බලෙන් එන විදුලිය පාවිච්චි කරලා පත්තරවලට ප්‍රතිචාර දාන ගමන් ඔහොම හිතන එක වැරැදියි නේද?
podi mole Sunday, 18 September 2022 06:27 PM
හඬු ගැහිච්ච ඩෙනිම ඇරෙන්න වෙන වස්ත්‍රයක් තිබුණෙම නැද්ද කොල්ලට?
chandimaMonday, 19 September 2022 12:31 AM
තියෙනවා... තියෙනවා, ඒ ඔක්කොම එකට දාලා හැදුවනේ යන්න කළින් වේලෙයි කියලා. අන්තිමේ තෙත පිටින් අරගෙන යනවා එහෙදිවත් වේලගන්න.
fairoosMonday, 19 September 2022 02:22 PM
අරගලකරුවන් ගෙට ගිනි තිබ්බනේ... මේක විතරයි ඉතුරුවෙලා ඇත්තේ...
මහසෙන් Sunday, 18 September 2022 09:23 PM
කොහොමද අපේ කොල්ලා. ඩෙනිම ගහලා, කට්ටියට අවුල්. කරන්න දෙයක් නෑ. මේක තමයි පාර...
Lal Sunday, 18 September 2022 09:53 PM
ඒක හොඳයි... මන්දයත් ඔබ නියෝජනය කරන්නේ අපේ රට වීමයි..!
chandima Monday, 19 September 2022 12:19 AM
මෙහෙදී ටයි කෝට් නැතිව කුඹුරකටවත් බහින්නේ නැති මනුස්සයා එහෙ යද්දී ඩෙනිමක් ගහගෙන ගියේ සුද්දන්ට බයේද?
Nimal Monday, 19 September 2022 07:16 AM
පොඩි මොලේ වෙත. ඒක බ්‍රෑන්ඩඩ් දැනීමක් වෙන්න ඇති මගෙ හිතේ..
podi mole Monday, 19 September 2022 09:42 PM
පින් අලිය බ්‍රෑන්ඩ්