(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැලණිය පට්ටිය හංදියේදී  "ආජි"නැමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් පිස්තෝල ගිනි අවිය සමග සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම සැකකරුවන් හා සැකකාරියන් සමඟ පිස්තෝල ගිනි අවි යට යොදා ගන්නා පතරොම් ගැබ,ජීව උන්ඩ හතරක්,ජංගම දුරකථන තුනක් ,රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 121 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වැල්ලම්පිටිය කොළඹ 15 මෝදර උයන පදිංචි වයස අවුරුදු 34 හා 46 අතර පසුවන්නන්ය.

සැකකරුවන් සියලු දෙනා පෑලියගොඩ පොලිසිය වෙත භාර දී ඇත.