IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොහොට්ටුවේ සභාපති පුටුව තවත් මහාචාර්යවරයකුට

 

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී  ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට හොබවනු  ලබන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය. පීරිස් මහතා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස  කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර  තවත් මහාචාර්යවරයකුම එම තනතුරට  පත් කිරීම සුදුසු බවට පක්ෂයේ බොහෝ දෙනාගේ අදහසවී ඇත.

එසේම මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධූරය සඳහාද යෝජනාවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

බණ්ඩාර මහතා  පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයකු ලෙසද දැනට  කටයුතු කරයි.



අදහස් (7)

පොහොට්ටුවේ සභාපති පුටුව තවත් මහාචාර්යවරයකුට

සෑම් Saturday, 17 September 2022 10:10 AM

රටේ ඉන්න මහාචාර්ය කියන තනතුර දරණ පුද්ගලයන්ගේ අභ්‍යන්තර මුග්ධ භාවය මෙයින් කදිමට පෙන්වනවා. හිටපු කෙනා ඒක ඉතා ඉහලින් ප්‍රදර්ශනය කරලා පැත්තකට වුනා. පොහොට්ටුවෝ මුන්ව හොඳට නටවනවා.

:       1       38

SuudaSunday, 18 September 2022 01:48 PM

මමත් ජි එල් පීරිස් ගැන එච්චර ලොකු සතුටක් නැහැ. හැබැයි එයා අඩු ගානේ බැසිල්ගේ පදයට නටන්නේ නැතුව අයින්වුණා. එන්න ඉන්න රංජිත් බණ්ඩාර නම් පසුගිය කාලයේ පෙන්නුවේ තදබල බැසිල් ගොලයෙක් බවයි. අනික මොහු ජී එල් තරම්වත් ඡන්දයක් ඉල්ලලා දිනපු කෙනෙක් නෙවෙයි. බැසිල් පිහිටෙන් ඇවිත් බැසිල් කියන දේ කරන්න ඉන්න පින් මංත්‍රී කෙනෙක් පමණයි. 2017 හිටපු පොහොට්ටුවට වෙච්ච දේ හිතනකොටත් අනේ කියලා කියන්න තියෙන්නේ.

:       0       1

Perera Saturday, 17 September 2022 11:57 AM

පොහොට්ටුවේ නොම්මර එකේ බත් බැලයෙක්...

:       1       34

ලුම්බිණි Saturday, 17 September 2022 12:01 PM

නමට මහාචාර්යවරු. කරපු කිසිම දෙයක් නැහැ...

:       1       33

Perera Saturday, 17 September 2022 12:04 PM

ආර්ථික විද්‍යා මහාචාර්ය, කෘෂි විද්‍යා ඔස්තාර්, හැබැයි මෙයාලගේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් රටේ ආර්ථිකයත් බංකොළොත්.. කෘෂිකර්ම ක්ෂේත්‍රයත් විනාශයි.

:       1       25

siri Saturday, 17 September 2022 01:57 PM

හොඳට රෙදි සෝදන්න නම් පුළුවනි.

:       1       25

lalithbmich Sunday, 18 September 2022 12:31 PM

ලැජ්ජා නැතිව තාමත් මේ පක්ෂයට නිලධාරීන් යනවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site