IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිටපු ’’මැකෝ ’’ කට අරී

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )

තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ  අභ්‍යන්තරයේ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී  ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන්  බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක් බවද  ඔහු සඳහන් කළේය.

දේශප්‍රිය මහතා මෙසේ පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් කොළඹදී සංවිධාන කෙරුණු වැඩසටහනකට සහභාගි වෙමිනි.



අදහස් (15)

හිටපු ’’මැකෝ ’’ කට අරී

Santhu Saturday, 17 September 2022 10:55 AM

අනේ මේ... තමනුත් තමුන්ගේ රාඡාකාරී කාලයේදීම කලෙත් ප්‍රභූතන්ත්‍රවාදයට ඕන විදියටමනේ... නැත්නම් තමනුත් අද ඔතන නැහැ. දැන් කවුරුත් සුජාතයින් වගේ කට ඇරියාට...

:       3       33

nimalSaturday, 17 September 2022 06:42 PM

හිටපු ’’මැකෝ ’’ තරුණයන් අරගල කිරීමට පෙර අරගල කරන්නේ කෙසේද කියා ඉගෙන ගතයුතුබව පවසා සිටියද ඔහුත් එම අරගලයේ කොටස් කරුවකුව සිටියේය. මාධ්‍යයට අදහස් ප්‍රකාශ පවා ලබා දුන්නේය. එම අවස්ථාවන්හිදී අරගලයට "ජයවේවා" කිව්වා මිස කිසිඳු අවස්ථාවක අරගල කිරීමට පෙර අරගල කරන්නේ කෙසේද කියා ඉගෙන ගතයුතුබව පවසා නොසිටියේය...

:       1       7

saliya Saturday, 17 September 2022 12:08 PM

වැදි බණ...

:       2       25

ravin Saturday, 17 September 2022 12:26 PM

කටට රහට කාපු එකා තමයි දන්නේ කෑමෙ රස... බාගෙන කන්නේ නැතිව ඉහගෙන කාලාම යන්න තමයි හදන්නේ...!

:       1       14

සිල්වා Saturday, 17 September 2022 12:53 PM

ඔබතුමා නේද ඇමරිකන් කාරයෙකුට ජනාධිපතිකමට ඡන්දය ඉල්ලන්න ඉඩහැරියේ...?

:       6       31

විපරමා Saturday, 17 September 2022 03:47 PM

තමුන් සුද්දවන්තයා වෙන්න හැදුවට කරපු සමහර ක්‍රියාමාර්ග නිසා රටට වෙච්චි හානිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...

:       3       15

සිරිබිරිස් Saturday, 17 September 2022 04:53 PM

මේ රට මෙතරම්ම ඉක්මණට වලපල්ලට ගෙනියන්න හවුල් වෙච්චි එක්කෙනෙක් තමයි ඔයා. බොරු කයිය විතරයි. මේ රටේ දැන් සිදුවන සියලු අපරාධයන්ට ඔයත් වග කියන්න ඕනෑ. ද්විත්ව පුරවැසියන්ට මේ රටේ ඡන්දය ඉල්ලන්න ඔයත් හවුල් වුණා. දැන් ඒ පව මුලු මහත් ජාතියක්ම ගෙවනවා.

:       4       17

saman Sunday, 18 September 2022 06:09 AM

මෙයා කටින්ද නැත්නම් නම් වෙන කොහෙන් හරිද කතා කරන්නේ?

:       1       4

Bamunuarachchi Sunday, 18 September 2022 07:01 AM

මිසට්ර් මැකෝ තරුණයා කියන්නේ අවුරුදු 15 ත් 23 අතර ළමයින්ට. ඔවුන් ඉදිරිපත්වී ලබා ගත යුතු අතර අවස්ථාව කියනදේ රිදී බන්දේසියක තබා පිරිනමන දෙයක් නොවෙයි. තරුණයෝ ඉදිරිපත් වෙන්නේ ලේ සැලෙන විප්ලව වලට පමණයි. ඒ ඔවුන්ගේ අත්දැකීම් අඩුකම නිසා. කපටි ජෙප්පන්ට එක හොඳ අවස්තාවක්.

:       0       6

ජයනාත් Sunday, 18 September 2022 08:41 AM

අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කරලා දේශපාලනය සාම්ප්‍රදායික ප්‍රභූ පවුල්වල බූදලයක් කලේ ඔබතුමා නේද? දේශපාලනේ වලපල්ලටම යැව්වා. අද කිසිම කෙනෙක්ට දේශපාලනේට එන්න බැහැ. එක්කෝ රාජපක්ෂගේ අනුමැතිය ඕනෑ. නැතිනම් ප්‍රේමදාස, අනුරකුමාරගේ අනුමැතිය ඕනෑ...

:       0       5

වැඩකට නැති රටේ උගතුන් Sunday, 18 September 2022 10:56 AM

මෙයත් මෙයාගෙ උගත්කම ජනතා සුව පිණිස නොදා බහුතර උගතුන් වාගේ ‘අපේ වැඩේ අපි බලාගන්නවා’ තේමා පාඪයෙන් ජීවත් වූ කෙනෙක්. රට සූරාකන මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට තම අත්දැකීමෙන් මාධ්‍ය සාකච්ඡාවලටවත් සහභාගි වී දායකත්වය දැක්විය යුතුයි නේද? එහෙම කරන්න බැරි , කාට හරි වාසි සලසා අතපිස දා ජීවත් වූ පුරුද්ද නිසාද?

:       0       4

randulravimal Sunday, 18 September 2022 12:28 PM

දැන්වත් ඇරපු එක ලොකු දෙයක්

:       0       1

lalithbmich Sunday, 18 September 2022 12:31 PM

හිටපු හොඳ රාජ්‍ය නිලධාරියෙක්. මොහුගේ සහාය මේ මොහොතේ ලබාගත යුතුයි.

:       5       2

AMBALAMA Sunday, 18 September 2022 12:39 PM

"අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක්" බවද ඔහු සඳහන් කළේය. තමුන්නානසේ ඒකට අතහිත දුන් නැතෙයි?

:       0       6

Sarath Sunday, 18 September 2022 08:56 PM

ඔය කියන කෙහෙල්මල් වාදයක් නෑ. රටේ තියෙන්නේ හොරු රැකෙන ක්‍රමයක්. හොරුන්ට කැමැති නම් ඔවුන්ට එතැන ඉඩ තියෙනවා. එතැන දේශපාලුවන් විතරක් නෙවෙයි, මැකෝලා වගේ රජයේ නිලධාරින් ඉන්නවා. මොන ක්‍රමයට හරි ඔවුන් එකතු වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site