(සුමිත් පොතුපිටිය)
පානදුර කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපලවලට හානිකර පුද්ගලයන් හයදෙනකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිරණ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයන් දස දෙනකු ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය අද (17) පස්වරුවේ නියෝග කලාය.
මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි වීරසිංහ මොහන්දිරම්ගේ අවුශාන්ත පෙරේරා , උඩදෙනිය ගෙදර සුරංග කැළුම් උඩදෙනිය ,වීරසිංහ මොහන්දිරම්ගේ දිලක්ෂ දීපාල් පෙරේරා , චින්තක රුවන් බාලසූරිය , හිරුන අංජන ලකී තිසේරා , උඩදෙනිය ගෙදර ප්‍රසාද් ගුණතිලක,මෙරිඤ්ඤලාගේ ඉන්දික ප්‍රදීප් මුණසිංහ , මල්වත්තගේ රොෂාන් අසංක පෙරේරා , දුක්ගන්නාරළලාගේ සුරේෂ් අයිවන් අබේරත්න සහ දේවතාපේඩිගේ ජගත් රොහාන් නැමැති අයවළුන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.
පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයකට සහභාගි වෙමින් සිට අනවසරයෙන් එහි පිහිනුම් තඨාකයට බැස දියනෑම සම්බන්ධයෙන් හෝටල් කළමණාකාරීත්වය සමග අතිවූ ආරවුලකදී හය දෙනකුට පහරදී තුවාල සිදුකර ඇති බවත්, ඔවුන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සැරයන් සමන්ලාල් එදිරිසිංහ අධිකරණය හමුවේ කියාසිටියේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඟුල් ගෙදර යකා නැටූ 10ක් රිමාන්ඩ්
Gamini Sunday, 18 September 2022 10:33 AM
ඔය පැත්තේ අයට මහ මුහුද හරි ,පිහිනුම් තටාකයක් හරි දැක්කොත් රජ මගුල් තමයි ඉතින් .කොහොම හරි නාන්නමයි බලන්නේ
pakeer Sunday, 18 September 2022 04:53 PM
කිරිබේරියේ නම් සුපිරි හෝටල් නැහැ. එහෙ තියෙන්නේ බොහොම සාමාන්‍ය වෙඩින් හෝල්...