සීෂෙල්ස්-ඕමාන රට රැකියා ජාවාරම් කළ ඒජන්සිය තහනම් කරයි සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගත් බව එම කාර්යංශය පවසයි. 23 December 2022
විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මානව කොමිසමත් ඉදිරියට ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් පැමිණිල්ලකින් තොරව ජනතාව වෙනුවෙන් මැදිහත් වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සූදානමින් සිටින බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 December 2022
අධිවේගයේ අනතුරින් 12ක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැප්ම සහ බද්දෙගම අතර 73/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී භාණ්ඩ ලොරි රථයක් සහ බස් රථයක් ගැටී බස් රථයේ ගමන් ගත් දොළොස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය කියයි. 23 December 2022
කෝටි 25 කොල්ලකරුවෝ මාට්ටු බම්බලපිටිය ස්කෙල්ටන් පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න,දේශීය සහ විදේශීය මුදල් රන් රිදී මුතු මැණික් සහ පිස්තෝල ගිනි අවියක් සොරාගත් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 December 2022
සිසුවියට අරක්කු පොවා දූෂණය කරලා රක්වාන පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 December 2022
ඉදිරි පැය 48 ගැන කාලගුණය කළ අනතුරු ඇඟවීම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 December 2022
කලම්බෝ ස්ටාර්ස් පිල අවසන් මහා තරගයට කලම්බෝ ස්ටාර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය. 23 December 2022
බොරැල්ලේ කෝටි 25 කොල්ලකරු හඳුනාගෙන බොරැල්ල ස්කෙල්ටන් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් කෝටි 25ක් පමණ වටිනා දේපොළ කොල්ල කෑ බව කියන පුද්ගලයා හඳුනාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය 23 December 2022
මාතලෙන් ඇවිත් මහනුවර ගනිකා නිවෙසක් වටලයි මාතලෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අසල සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් තිදෙනකු සහ එහි කළමනාකාරවරිය අත්අඩංගුවට ගෙන තිබේ. 22 December 2022
දේශපාලකයාට හු සංග්‍රහයක් ඇමතිවරයකු වූ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිල රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු දුටු කිසියම් පිරිසක් කෝට්ටේ මහ නගර සභාව ආසන්නයේ දී හූ කියා ඇතැයි වාර්තා වේ 22 December 2022
ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී. ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 22 December 2022
හොර ඔප්පු හදා අක්කර 15 මන්ත්‍රී රංගෙට විකුණලා මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි උණවේලි වත්තෙන් අක්කර පහළොවක් ව්‍යාජ ඔප්පු සකස් කර පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 233 ක මුදලකට විකුණා වංචාවක් කළේ යැයි කියන මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්යක්ෂවරයකු රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 22 December 2022
දරුවත් වඩාගෙන් අඹුසැමි යුවළ ගේම් දීලා අනුරාධපුර දුම්රිය ස්ථානය රාත්‍රියේ නිදාගෙන සිටි පුද්ගලයකුගේ කලිසම් සාක්කුවේ තිබූ රුපියල් හතළිස් පන්දහසක් වටිනා නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරාගත් බව කියන අඹු සැමි යුවළක් අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රුහුණු කුමාරි දුම්රියට නැග සිටියදී හොරාගත් එම ජංගම දුරකථනයද සමඟම දුම්රිය ආරක්ෂක හමුදාවේ අනුරාධපුර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 22 December 2022
මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නැතැයි කියන්න එපා මැතිවරණ වලට වියදම් කර විදුලි බලය, ඉන්ධන ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 22 December 2022
ශාෆටර්ගේ ඝාතනය: සැකපිට 58 කගෙන් ප්‍රකාශ ගනී ජනශක්ති සමූහ ව්‍යාපාරියේ අධ්යක්ෂ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් (51) මහතාගේ බොරැල්ල සුසානභූමියේ මෝටර් රථය තුළ කෲර වදහිංසනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ දක්වා පුද්ගලයන් 58 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 22 December 2022
‘‘කම්මැලි නැතිව වෙලාවට වැඩ කරන්න‘‘ ඒ දියුණුවේ රහසයි ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට දකුණු කොරියාව ක්‍රියාත්මක කළ ‘නව ගම්මාන’ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතියක් ඔස්සේ සමස්ත ජනතාවගේ මනස වෙනස් කළ යුතු බවත් ඒ සඳහා සියලු දෙනා එකතු වීම අනිවාර්ය සාධකයක් බවත් දකුණු කොරියානු ආපදා කළමනාකරණ පදනමේ සභාපති චෝ සන් ලී මහතා පැවසීය. 22 December 2022
තේරීම්භාර නිලධාරීන් නම් කරමින් ගැසට්ටුවක් පරිපාලන දිස්ත්‍රික්ක 25 ක තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීය. 22 December 2022
කාලගුණෙන් රතු එළියක් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය 24 සහ 25 දිනවල ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 December 2022
ලබන වසරේ සිට සහන දෙනවා ලබන වසරේ සිට ජනතාවට සහන ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 December 2022
පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධියේ සිසුන් 6 ක් හඳුනාගනී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්රවයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර කොට ගත කොට සිටි විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනා ඊයේ (22) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණ අතර එහිදී සිසුන් 06 දෙනෙකු හඳුනාගනු ලැබීය. 22 December 2022
මහ බැංකු අධිපති උමංදාව බලන්න යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මැල්සිරිපුර උමංදාවට පැමිණ සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් නැරඹීය. 22 December 2022
දුම් නොබොන්නැයි උපදෙස් දුන් පි.එච්.අයිට පහර දීලා පොල්පිතිගම නගරයේ හෝටලයක් තුළ ප්‍රසිද්ධියේ දුම්පානය කරමින් සිටියිදි එයට විරුද්ධ වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධා කරමින් පහර දී මට තැත් කළ බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි. 22 December 2022
පේරාදෙණි සිසුන් තවදුරටත් රිමාන්ඩ් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහටත් ඔහුගේ නිවෙසටත් පවුලේ සාමාජිකයන්ටත් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සිසුන් 12 දෙනා ජනවාරි 4 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය. 22 December 2022
රට විරුවන්ට නැව්පතියන් වෙන්න ආරාධනයක් මෙරට නැව් හිමියන් (නැව් පතියන්) බවට පත්වී ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වන්නැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශයන්හි සිටින ධනපති ශ්‍රී ලාංකිකයන්ට විවෘත ආරාධනයක් කළේය. 22 December 2022
සේවක කප්පාදුව නවතනු:බලාගාරය නොවිකුනනු නොරෝච්චෝල ලක්විජය බලාගාරය විකිණිමට හා එහි සේවකයන් බහුතරයක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තිර්ණයට විරෝධය පා ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි වෘත්තිය සමිති රැසක සාමාජිකයන් දහසකට ආසන්න පිරිසක් ලක්විජය බලාගාරය ඉදිරිපිටට අද දහවල් විරෝධතාවයක නිරත වුහ. 22 December 2022
ඩොල්ෆින් තුනක් පානදුර වෙරළට පානදුර මුහුදු වෙරළට අද (21) පස්වරු 2 ට පමණ ඩොල්ෆින් මත්සයින් තිදෙනකු ගොඩගසා සිට ප්‍රදේශවාසීන් විසින් නැවත මුහුදට යොමුකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 22 December 2022
ජනවාරි සිට විදුලි බිල එස්.එම්.එස්. එකකින් එළඹෙන වසරේ ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට දුරකථන කෙටි පණිවිඩයක් මගින් (එස්.එම්.එස්.) විදුලි බිල දැනුම්දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 December 2022
සීටීබිය පංචිකාවත්තෙනුත් බඩු අරන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් පංචිකාවත්තේ වෙළෙඳසල්වලින් පවා 2017 වර්ෂයේදී මිලදී ගෙන තිබූ බව විගණන විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත. 22 December 2022
ජනපති තදින් සිටියි ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ දී පැවසීය. 22 December 2022
බස් ඩිපෝ 98ක් පරිසර බලපත්‍රය මගහැරලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107 කින් පරිසර බලපත්‍ර ලබාගෙන තිබුණේ ඩිපෝ නවයක් පමණක් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 22 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026