
(එම්.සුසිල් පියන්ත)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැප්ම සහ බද්දෙගම අතර 73/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී භාණ්ඩ ලොරි රථයක් සහ බස් රථයක් ගැටී බස් රථයේ ගමන් ගත් දොළොස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය කියයි.
තුවාල කරුවන්ගෙන් අටදෙනෙකු කරාපිටිය රෝහලටත් හතර දෙනෙකු ඇල්පිටිය රෝහලටත් යැවූ බව පොලීසිය කියයි.
කොළඹ සිට මාතර දක්වා පාරිභෝගික භාන්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ එම අන්තයටම වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් එකිනෙක ගැටී මේ අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd