(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් පැමිණිල්ලකින් තොරව ජනතාව වෙනුවෙන් මැදිහත් වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සූදානමින් සිටින බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල අමාත්‍යංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන පරිදි ජනවාරි මස විදුලි ගාස්තු නැවත ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව කී එම නිලධාරියා රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ජනතාව අපහසුතාවට පත්ව සිටියදී තව දුරටත් පීඩාවට පත්කිරීමට කිසිඳු පාර්ශවයකට හිමිකමක් නොමැති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88/89 කාලයේ ඔය කට්ටිය කොහෙද හිටියේ
ජනතාව තවත් පීඩනයට ලක්කරමින් විදුලි ගාස්තු ඉහළ දැමීම මේ අවස්ථාවේ සිදුකිරීම කිසිසේත්ම නොවිය යුත්තක් බැවින් මානව හිමිකම් කොමිෂන් සභාව, රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් නීතිමය පියවර ගැනීම අගය කළ යුතුයි...