(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රක්වාන පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන රක්වාන පොලිස් වසමේ පදිංචිවාහක එක්දරු පියෙකි.
මෙම සැකකරු මෙම බාලවයස්කාර සිසුවිය දූෂණය කළ පසු ඔහුගේ මිතුරන් දෙදෙනකු ද ඒ අවස්ථාවෙම බරපතළ ලෙස ඇය ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සිසුවිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ද රක්වාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මුලින්ම අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු සමඟ මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි
බාලවයස්කාරිය ට බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු පෙම්වතා බව කියන 24 හැවිරිදි පුද්ගලයා මුලින්ම ඇය දූෂණය කළේ යෑයි කියන අතර පසුව ඔහුගේ මිතුරන් දෙදෙනා ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇතැයි පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අදමයන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනේ
ඇයට අවුරුදු 15යි.. දූෂකයාට 24යි... හිරේ ගියත්, නොගියත් අහුවෙන්න එපා. ‘‘අපිටත් නංගිලා ඉන්නවනේ...‘‘
මේවාට ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි.
සිසුවිය මේ අපරාධකරු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබුණත්, ඇයට මත්පැන් පොවන්නවත්, ඇය සමග බලෙන් එකතු වෙන්නවත් අයිතියක් නැහැ. යාළුවන්ටත් කරන්න ඉඩ දුන්නා කියන්නේ ඒ තුන්දෙනාට ඇපයක්වත් ලබානොදිය යුතුයි. නීතීඥ මහත්වරුනි, මේ ඔබේ වාරයයි.
ඒ තරම් කාලයක් ආණ්ඩුවෙන් කන්න දීලා තියාගන්න ඕනෑද?
මොන උප්පරවැට්ටි දාලා හරි බාලවයස්කාර දරුවන් ආයෝජනයට ලක්කිරීම වරදකි...! පොලිසියට නීතියට බැරි හුඟාක් දේවල් අපිට ග්‍රාමීය වශයෙන් දියත් කරන්න පුළුවන්...!