(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බම්බලපිටිය ස්කෙල්ටන් පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න,දේශීය සහ විදේශීය මුදල් රන් රිදී මුතු මැණික් සහ පිස්තෝල ගිනි අවියක් සොරාගත් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බොරැල්ල සහ බම්බලපිටිය පොලිසිය ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤ  සහ හෝකන්දර පදිංචි ලියාපදිංචි අපරාධකරුවකු වන ජයකොඩිගේ රුවන් ප්‍රේම කුමාර නමැත්තාය.

සැකකරුවන් දෙදෙනා සන්තකේ තිබී එම නිවසින් සොරාගත් දේපළවලින් ග්‍රෑම් 380 ක් බර රන් ආභරණ, ඇමරිකන් ඩොලර් 10.000 ක්, ජපන් යෙන් එක්ලක්ෂ 950, රෝලෙක්ස් අත් ඔරලෝසු, මැණික් ගල් රුපියල් ලක්ෂ 174 ක මුදල්, සහ පිස්තෝල ගිනි අවියක් හා හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ තෙමහල් නිවසේ දෙවන මහලේ නාන කාමරයේ සුළං කවුළුවෙන් නිවසට ඇතුළු වී අල්මාරි වල තිබූ මෙම දේපළ සොරා ගෙන පලා ගොස් තිබිණ.

ඔහු සොරකම සිදු කරන අවස්ථාවේදී කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ සේවිකාවන් දෙදෙනා පහත මාලයේ සිට ඇතැයි පොලිසිය කියයි

සොරාගත් දේපල ව්‍යාපාරිකයාට, බිරිඳට, සහ පුතුගේ බිරිඳෙට අයත් ඒවා බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියෙක් පැවැසීය.