(යොහාන් භාසුර)
කලම්බෝ ස්ටාර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන කලම්බෝ ස්ටාර්ස් පිල කඩුලු 6 කින් වනිදු හසරංග මෙහෙයවන කැන්ඩි ෆැල්ක පිල පරාජය කිරීමට සමත් විය.
කලම්බෝ ස්ටාර්ස් පිල සහ ජැෆ්නා කිංග්ස් පිල අතර අවසන් මහා තරගය අද (23) පස්වරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කැන්ඩි ෆැල්කටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 168 (කමිඳු මෙන්ඩිස් 23, අශේන් බණ්ඩාර 40, වනිදු හසරංග නොදැවී 77, කසුන් රාජිත 20/4) කලම්බෝ ස්ටාර්ස් පිල ඕවර 18.5 කදී කඩුලු 4 ට 169 (දිනේෂ් චන්දිමාල් 38, චරිත් අසලංක 64, රවී බොපාරා නොදැවී 29, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 21, කමිඳු මෙන්ඩිස් 26/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd