(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බොරැල්ල ස්කෙල්ටන් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් කෝටි 25ක් පමණ වටිනා දේපොළ කොල්ල කෑ බව කියන පුද්ගලයා හඳුනාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය
මෙරට මුදල් ඇමෙරිකන් ඩොලර් නෝට්ටු 6000රන් භාණ්ඩ තොගයක් පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 12ක් සහිත මැගසිනය හොරාගෙන ගොස් තිබිණි.
මෙම සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසෙන් සොරා ගත් දේපොල ගමන් බෑගයක දමාගෙන එම බෑගයකරේ එල්ලා ගෙන පිටව යන ආකාරය ව්‍යාපාරිකයාගේ නිවසේ සවි කර තිබූ සීසීටීවී කැමරාවක රූප රාමු පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබිණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය
මෙම සැකකරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි අයකු බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම සැකකරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අයකු බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති
මෙම සැකකාර පුද්ගලයා මේ වන විට පදිංචි ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි ද පොලිසිය කීය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.