IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනවාරි සිට විදුලි බිල එස්.එම්.එස්. එකකින්

(යොහාන් භාසුර)

එළඹෙන වසරේ ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට දුරකථන කෙටි පණිවිඩයක් මගින් (එස්.එම්.එස්.) විදුලි බිල දැනුම්දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය මේ වන විට ඒ සඳහා යාවත්කාලීන කරමින් සිටින බවත් ජනවාරි මස සිට විදුලි බිල්පත දුරකථනයට යොමු කිරීමේ ක්‍රියාවලිය නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

ජනවාරි සිට විදුලි බිල එස්.එම්.එස්. එකකින්

චින්තක Thursday, 22 December 2022 04:15 PM

දැනටමත් අපිට අතට බිල්පත ලැබුනත් ෆෝන් එකටත් ලැබෙනවා හැබැයි මෙවර ගාස්තු සංශෝධනය කිරීමෙන් පසුව අපිට බිල් ගණනය කරන්න බැහැ තවමත් පැරැණි ගාස්තුව තමයි ගණනය වෙන්නෙ මනුකියවීමට පැමිණීම ප්‍රමාද අවස්ථාවල නිවෙස් හිමියන්ටම බිල් ගණනය කර ගෙවීමට ක්‍රමයක් හදන්න බැරිද ඇමතිතුමා

:       1       6

sharm warn Thursday, 22 December 2022 04:29 PM

බිල එන්නෙ එස් එම් එස් ද කොලෙද කියල අදාල නෑ.. හැබැයි පුතො ගාස්තු වැඩි කරල මිනිස්සුන්ට අසාධාරන කරලා නම් ආයෙමත් දියවන්නාවට එන්ඩ හිතන්න වත් එපා.. මිනිස්සුන්ගෙන් හුරගෙන කන්න කලින් ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න බිල් නොගෙවපු නම්බුකාර හොරුන්ගෙ හිඟ මුඩල් අය කරගෙන ඉන්නවද කරුනා කරල?

:       0       19

ලංකාපුත්‍ර Thursday, 22 December 2022 07:05 PM

මේ අදහස ඉතාමත් හොඳයි, ඊළඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුව සිටින සියලු දෙනාගේම වත්කම්, බැරකම්වලට අමතරව රජයට ගෙවිය යුතු බදු ගෙවා තිබේද? විදුලිය බිල්, ජලබිල් ගෙවා තිබේද රජයේ නිවාසයක සිටී නම් කුලිය ගෙවා තිබේද බලන්න ඕනෑ... ඒ වගේම රජයේ නිවාස වලින් ඉවත්ව නොගොස් බලයෙන් සිටීද බලන්න ඕනෑ. එහෙම නැති කිසිවෙකුට නාමයෝජනා නොදිය යුතුයි... එහෙම කළ දවසක රටට සෙතක් වේවි...

:       1       8

Lal Thursday, 22 December 2022 04:56 PM

මේක හොඳ ක්‍රමයක්... මනු කියවීම සිවයංක්‍රීයව කරන්න උත්සාහ කරන්න.

:       2       2

JagathS Thursday, 22 December 2022 05:25 PM

ඔන්ලයින් බිල ඊමේල් කරනවා කියලා තියෙනවා... ඒකට රෙජිස්ටර් වුණා... නමුත් තවමත් දෙන්නේ කොළය විතරයි. කොලය දීලා සතියක් ගියත් ඔන්ලයින් බිලක් ලැබෙන්නේ නෑ. ඔන්ලයින් දෙන එක විදුලිබල මණ්ඩලයටත් වාසියි.. පාරිභෝගිකයාටත් ලේසියි... අවශ්‍ය වෙලාවට ලේසියෙන්ම පරණ බිලක් සොයාගන්නත් පුළුවන්...

:       1       6

banda Thursday, 22 December 2022 06:04 PM

ලංකාවේ භාගයක් මිනිස්සු මීටරේ වෙනස් කරලා හොරට ලයිට් ගන්නවා. මේක හදන්නේ නැතිව මොනවා කළත් වැඩක් නෑ...

:       2       5

හර්ෂThursday, 22 December 2022 08:31 PM

ඒක නම් ඉතින් කරන්න පුළුවන් වෙන්නෙ මණ්ඩලයේ කෙනෙකුට හෝ සම්බන්ධ යාලු/ යෙහෙලි කෙනෙකුට පමණයි එහෙම සම්බන්ධ ගෙවල්වලත් එහෙම කෙරෙනවා ඇති

:       0       0

jaya Thursday, 22 December 2022 08:17 PM

SMS එකෙන් බිල දැක්කම අතට පේනවට වඩා බය හිතෙනවා අඩුයි. ගාස්තු දහස් ගානකින් වැඩි කරලත් නියම විදිහට බිලක් දෙන්න බැරි නං එකේ ඇති වැඩේ මොකද්ද? මේ හොර ලෙඩේ බැංකු, දුරකථන සමාගම් වලටත් තියෙනවා. ලාවට ගහන මාටියා විද්‍යුත් බිලකින් අහු වෙනවා අඩුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site