(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව හලාවත මාර්ගයේ මුදලක්කුලිය ප්‍රදේශයේ දී ලොරි රථයක් රියදුරු පාලනයෙන් ගිලිහි ගොස් සිදුවු මාරක අනතුරකින් කාන්තාවක මරණයට පත්ව 12 දෙනකු   තුවාල ලබා ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.

තුවාල රුවන් 6 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා  පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව ආණමඩුව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ  අරලගංවිල පදිංචි පිරිසකි. මොවුන් අලගංවිල සිට හලාවත මුන්නේෂ්වරම කෝවිලට භාරයක් ඔප්පු කිරීමට පැමිණ ආපසු අරලගංවිල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුන පා සිටිති. 

අනතුරීන් මරණයට පත්වු 48 හැවිරිදි ජී.ඕ.ජී.හේමා කුමාරි මැණීකේ මියගොස් ඇත.

අනතුරට පත්  ලොරි රථයෙ ගමන් කළ මාස කිපයක නිවුන් ළදරුවන් දෙදෙනකුට තුවාල හෝ වෙනත් කිසිදු හානියක් සිදුනොවිම හාස්කමක් බව කියයි.