(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 21,470 කට වැඩි මුදලක් (ඇමරිකානු ඩොලර් කෝටි 75 ක පමණ මුදලක්) විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් 2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලයේ දී රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී අනාවරණය කළේය.
මෙම කරුණු අනාවරණය කෙරුණේ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ හඳුන්වා දී ඇති නව රෙගුලාසි සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා (21) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.
මෙම විමර්ශනයේ දී සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා කර ඇති ගනුදෙනු 24,300 කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කෙරුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් කමිටුවට දැනුම් දුන්නේය.
ටීටී (TT) ක්‍රමය මගින් මුදල් යවා තිබුණ ද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථා ද විමර්ශනවලදී හඳුනාගෙන ඇතැයි ද එහිදී සඳහන් කෙරිණ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd