(යොහාන් භාසුර)
සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගත් බව එම කාර්යංශය පවසයි.
මෙම සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාල ඒජන්සි ආයතන බලපත්‍රය අවලංගු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතාට දැනුම් දී ඇති බව ද එම කාර්යංශය සඳහන් කරයි.
කාන්තාවක් විදේශගත වීම සඳහා ගුවන්තොටුපලට ගිය අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් ඇයගේ ලියාපදිංචිය පරික්ෂා කිරීමේදී ඇය සතුව තිබී සීෂෙල්ස් රාජ්‍යයට නිකුත් කළ රැකියා වීසා පතක් සහ ඕමාන් රාජ්‍යයට නිකුත්කළ සංචාරක වීසා පතක් හමුවූ බවත් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඒජන්සි ආයතනයක් මැදිහත්වී ලේඛන සකස්කර ඒජන්සි ආයතනය වගකීමෙන් බැහැරවී මෙම කාන්තාව පුද්ගලිකව ගෙන්වාගත් වීසාපතකින් ලියාපදිංචි වන ආකාරයට පෙන්වා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
අදාල කාන්තාව සංචාරක වීසාපතකින් ඕමානයට යෑමට සැලසුම් කර තිබී ඇතැයි අනාවරණය වීමෙන් පසුවවිදේශ ගතවීම වලකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශණ නිලධාරීන් වෙත යොමු කළ බවත් සිද්ධියට අදාළ ඒජන්සි හිමිකාරිය අත්අඩංගුවට ගෙන මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරී බවත් එම කාර්යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව තහනම් කලාට සහ දඩුවම් කලාට මදි. මෙ ඒ්ජන්සියෙ නම ප්‍රසිද්ධ කරන්න ඔනි..එතකොටයි මිනිස්සු දැනගන්නෙ හොරු කියල. එත් මෙ බලදාරීාරී කියන අය මෙ දේ නොකරන්නෙ හොරුන්ට වංචනිකයන්ට ඒව කරන්න ඉඩ දෙන්න ඔනි නිසාද ?