(ඉන්දිකා රාමනායක සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්)
ජනශක්ති සමූහ ව්‍යාපාරියේ අධ්‍යක්ෂ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් (51) මහතාගේ බොරැල්ල සුසානභූමියේ මෝටර් රථය තුළ කෲර වදහිංසනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ දක්වා පුද්ගලයන් 58 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම පිරිසට අමතරව සී සී ටී වී කැමරා 50 ට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා පරික්ෂාවට ලක්කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
මෙම පිරිස අතර ඒ මහතාගේ බිරිද , ප්‍රවීණ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්, නිවේදක චමුදිත සමරවික්‍රම, මහතා ඇතුලු පිරිසක් සිටින බවද හෙතෙම කීය.
දැනට සිදුකරන විමර්ශන වලින් මේ දක්වා සැකක්රුවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මනුෂ්යම ඝාතන හා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ , බොරැල්ල පොලිසිය සහ බුද්ධි අංශ එක්ව විමර්ශන සිදුකරන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කුඩා කණඩායම් වශයෙන් බෙදී මෙම විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.
ඔවුන් භෞතික හා විද්‍යාත්මක සාක්කි පදනම් කරගෙන, මෙම විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශාෆටර්ගේ ඝාතනය: සැකපිට 58 කගෙන් ප්‍රකාශ ගනී
සෙනරත් Friday, 23 December 2022 06:17 AM
මේක මන්ඩලේ කචල් එකක් නේද ...එයාලා එයාලා වැඩේ කරලා අනුන්ගේ එකවුන්ට් එකට දාන්න බලලා
sharm warn Friday, 23 December 2022 02:36 PM
කවුරු හරි කෙහෙල් ගහකට කොටන්න ගිහින් හොටෙ පටලවගෙන කියල හිතෙන්නෙ මට විතරද?