IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොර ඔප්පු හදා අක්කර 15 මන්ත්‍රී රංගෙට විකුණලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි උණවේලි වත්තෙන් අක්කර පහළොවක් ව්‍යාජ ඔප්පු සකස් කර පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 233 ක මුදලකට විකුණා වංචාවක් කළේ යැයි කියන මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු රහස් පොලිසිය  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි අයෙකි

මෙම සැකකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙම ඉඩම ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමට කලින් මෙම ඉඩමෙන් අක්කර විස්සක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට ඉදිරිපත් කර ලක්ෂ 47 ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇතැයි ද රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට  විකුණා ඇත්තේ ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට උකස් කළ අක්කර 20 ඉඩමෙන් අක්කර පහළොවක් සඳහා නැවත ව්‍යාජ ඔප්පු සකස් කර බව පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි රහස් පොලිසිය පවසයි

 



අදහස් (6)

හොර ඔප්පු හදා අක්කර 15 මන්ත්‍රී රංගෙට විකුණලා

නිමල් Friday, 23 December 2022 06:56 AM

හොර ඔප්පු හදපු නීතිඥ/නොතාරිස් සහ උල්පන්දම් දීපු ඉඩම් කාර්යාලෙ අය ඇල්ලුවහම අපට කියන්න ඕනැ.

:       0       7

Mahasen Friday, 23 December 2022 08:37 AM

මන්ත්‍රී වැටුපෙන් අමාරුවෙන් ඉතුරු කරපු සල්ලි කෝටි දෙකහමාරක් විතර. පවු දෙවියනේ අහිංසකය.

:       0       11

Senarath Friday, 23 December 2022 09:06 AM

රංගේ පොලිස් සේවයෙන් අස් උනේ උප පොලිස් පරීක්ෂක හෝ පොලිස් පරීක්ෂක තනතුරේ සිටියදී.ඔහුට කොහෙන්ද මේ තරම් මුදලක් ?අක්කර 15 ක් ගන්න .අපි අවුරුදු 21 ක් පිට රට සේවය කරලත් තවම බැරි උනා අක්කර 5ක් ගන්න

:       0       16

කුමා Friday, 23 December 2022 01:06 PM

ඔය එක ඉඩමක් විතරයි වෙන්න ඇති... අහිංසක විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ... මහජන සේවයෙන් හම්බ කරපුවා තව කොච්චර ඇතිද...?

:       0       4

dhamneth Friday, 23 December 2022 05:59 PM

රංගෙ බණ්ඩාරට දේශපාලන පළිගැනීමට ලක්වීම නිසා නියෝජ්‍ය පොලිස් අධිකාරි ධුරයකට උසස්වීමක් ලැබුණා නේද? සමහර විට ලොකු හිඟමුදලකුත් ලැබෙන්න ඇති...

:       0       0

Dissanayake Saturday, 24 December 2022 05:09 PM

මුදල් උපයා තියෙන විදිහ මේකෙන්ම පේනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site