IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට විරුවන්ට නැව්පතියන් වෙන්න ආරාධනයක්

(සුජිත් හේවාජුලිගේ )

මෙරට නැව් හිමියන් (නැව් පතියන්) බවට පත්වී ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වන්නැයි  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශයන්හි සිටින ධනපති ශ්‍රී ලාංකිකයන්ට විවෘත ආරාධනයක් කළේය.

එය හොඳ ආයෝජනයක් බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නැව් සංස්ථාව සතුව දැනට ඇත්තේ නැව් දෙකක් පමණක් බවත් තවත් නැව් ගැනීමට මුදල් නොමැති බවත් අමාත්‍යවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ විවිධ පතියන් සිටියත් නැව් පතියන් නොමැති බව පැවසූ  නිමල් සිරිපාල ද සිල්වා මහතා  විදේශීය බැංකු වල මුදල් විශාල වශයෙන් තැන්පත් කරගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙය හොඳ අවස්ථාවක් බවද ප්‍රකාශ කළේය.

නැව් මෙන්ම බත්තල් වැනි යාත්‍රාද මිලදී ගෙන මෙරට නාවික ප්‍රවාහන කටයුතු සඳහා යෙදවිය හැකි බවත් එවැනි කටයුතු සඳහා රටේ ලොකු ඉල්ලුමක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (16)

රට විරුවන්ට නැව්පතියන් වෙන්න ආරාධනයක්

wedage Thursday, 22 December 2022 04:47 PM

කොමිස් ගන්න පුළුවන්ද? 

:       0       21

sena Thursday, 22 December 2022 04:57 PM

සර් ඕක අර පස්සලාට කිව්වා නම් නැව් 10ක් වුණත් අරන් දායි...

:       1       21

mahesh Thursday, 22 December 2022 04:57 PM

අයියෝ සිරිපාල...! ඔයාලා ඉන්නකම් නැව් නෙවෙයි වීල්බැරෝ එකකවත් පතියෙක් වෙන්න ඕන නෑ.

:       2       24

Perera Thursday, 22 December 2022 05:44 PM

මෙයා නැව් ගිලින්න බලන් ඉන්නේ...!

:       1       27

රංජිත් Thursday, 22 December 2022 05:53 PM

ඇයි...? අපිව ගොනාට අන්දලා ඔබට කොමිස් ගහන්නද?

:       1       25

ඇලපාත Thursday, 22 December 2022 06:58 PM

ඔය මොළේ වෙනත් ජනාධිපතිලා යටතේ සිටිද්දී තිබුනේ නැද්ද මහත්තයෝ..?

:       0       18

සේනක ඉතාලිය Thursday, 22 December 2022 07:02 PM

අපතයින්ගේ වැඩ මේ රටට තවත් අවශ්‍ය නැත. තමුන්නාන්සේලා දැන් ඉතින් කල් ඉකුත් වූ සැමන් වැනියි...

:       0       16

de silva Thursday, 22 December 2022 11:11 PM

සිරිපාල පිස්සුද හොරු පාලනය කරන සංස්ථාවක ආයෝජනය කරන්නේ කවුද?

:       0       0

Amila Thursday, 22 December 2022 11:57 PM

කාලකන්නි හැත්ත මැරිලාවත් යන්නේ නෑ

:       0       0

chandima Friday, 23 December 2022 02:54 AM

ඒ කියන්නේ මේ රට බංකොලොත් කරපු ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙලා උන්නු සිරිපාල ඇමතිතුමා යටතේ නැව් සංස්ථාවට බය නැතුව සල්ලි විසිකරලා නැව් අරන් දෙන්න ,එතකොට සල්ලි ඩබල් කරලා පෙන්නන්නම් කියලද ?

:       1       0

Bamunuarachchi Friday, 23 December 2022 07:19 AM

රටවිරුවෙක් නැව්පතියෙක් කරන්න ගෙවිය යුතු පගාව කොපමණද ?

:       1       0

නිලෙන්ති Friday, 23 December 2022 07:21 AM

මහත්තයෝ ඔහේගෙ පක්ෂය හැමදාම බැලුවෙ යමක් කමක් තියෙන එකාගෙ දේවල් රජයට පවරාගෙන විනාශ කිරීම කියලා අපිට නම් අමතක වෙලා නැහැ ඉතින් ඔහේ කියන විදියට අපි කටයුතු කලොත් ඔහේලගෙ ප්‍රතිපත්ති වලට අනුව යම්දිනක රාජසංතක කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් අපි මොකටද අපේ ධනය නාස්ති කරන්නෙ. ඔහේ හිතාගෙන ඉන්න ගොනා විකුණා බොහොම කල් මහත්තයෝ

:       0       1

pakeer Friday, 23 December 2022 08:58 AM

නැව් නෙමෙයි.කෙසෙල් බඩ වලින් ගංවතුර කාලෙට සෙල්ලම් පාරුවක් වත් උඹලා මේකේ ඉන්නකම් ගන්න හොඳ නැහැ .උඹලාට ලැජ්ජා නැද්ද ඕවා කියන්න .ජරාව කන්න බලන් ඉන්න වල් ඌරෝ

:       0       0

Captain Cook Friday, 23 December 2022 10:21 AM

නැව්පති යන්නෙහි තේරුම නැවේ කපිතාන්වරයා නොව හිමිකරුය

:       1       0

Dayananda Friday, 23 December 2022 12:38 PM

නැව්පති නොවේ ගුවන්පති වෙන්න උනත් පුළුවන් ශ්‍රීලාංකිකයන් ලෝකය පුරාම ඉන්නව.. සේරටම කලින් ඔය කොමිස්පතිලා නිදිපතිලා මකබාවෙලා යන්න.. හොරකම් කරන්න කට බලියාගෙන ඉන්න හිගන තොපි ඉන්නතුරු මිනිස්සු ආයෝජනය කරන්න තරම් මන්ද බුද්ධික නැහැ...

:       0       0

රටවැසියෙක් Friday, 23 December 2022 02:10 PM

දැන් ඔබතුමා අර ජපන් කොම්පැනියකින් අල්ලස් ඉල්ලපු කෙස් එකෙන් සම්පුර්ණයෙන්ම නිදහස්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site