(ඉන්දිකා රාමනායක)
පොල්පිතිගම නගරයේ හෝටලයක් තුළ ප්‍රසිද්ධියේ දුම්පානය කරමින් සිටියිදි එයට විරුද්ධ වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධා කරමින් පහර දී මට තැත් කළ බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි.
සැකකාර හමුදා (20) හැවිරිදි යාපනය නවක්කුලි ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් ඊයේ (21) පොල්පතිගම නගරයේ හෝටල් පරීක්ෂා කරමින් සිටියදී සැකකර සෙබළා එක් හෝටලයක සිට දුම්පානය කර ඇති බවද පොලිසිය සඳහන් කරයි
සැකකාර හෝටලට තුළ ප්‍රසිද්ධියේ දුම්පානය කරනු දුටු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු වෙත ගොස් ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමේ වරද කියා දී එසේ නොකරන ලෙසට දැනුම් දී ඇත.
සිද්ධියෙන් උරණ වු සෙබළා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග බහින් බස් වී එක නිලධාරියකුගේ නිළ ඇදුමෙන් ඇද පහර දීමට තැත්කළ බවට ඔවුන් පොල්පිතිගම පොලිසියට කළ දැනුම් දීමකට අනුව සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සෙබළා අද (22) පස්වරුවේ මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පොල්පතිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එම් එස් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම් නොබොන්නැයි උපදෙස් දුන් පි.එච්.අයිට පහර දීලා
චිරන්ත Thursday, 22 December 2022 06:55 PM
දැනට දකින්නට නැතත් වසර හතලිහකට පමණ පෙර සිගරට් එකක් බොනවා කියන්නේ හරිම ආඩම්බරකාර වැඩක්... ඒත් පසුකාලීනව එය ඉතාමත් පිළිකුල් දෙයක් වුණා මේ කොල්ලා... (අවුරුදු 20) අඩු වයසේ පසුවන රැකියාවෙන් උඩඟුවෙලා සිටින කෙනෙක් වෙන්න පුළුවන් ඔහුගේ ගමේ හා පවුලේ පරිසරය මෙයිනුත් පේනවා... කූඩැල්ලා කොට්ටේ උඩ තියන්න බැහැ...
සංජය වීරක්කොඩි Saturday, 24 December 2022 07:58 AM
නීතියෙන් තහනම් වූ දේ පිළිබඳව දැනුවත් කොට ඔහුගේ යහපත පිණිස අවවාදයක් කිරීම තරහ උපද්දවන සුළුනම් ඔහු ආරක්ෂක සේවාවන් සඳහා සුදුසු නොවේ.