ෂේන් සෙනෙවිරත්න
මාතලෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අසල සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් තිදෙනකු සහ එහි කළමනාකාරවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ විශේෂ නියෝග මත එම පොලිස් කණ්ඩායම මාතලේ සිට නුවරට පැමිණ එම වැටලීම සිදුකොට ඇති අතර එම ස්ථානයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට හෝ බලපත්‍රයක් නොමැති බවද පොලිසිය කියයි.
මාතලේ පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ ළමා හා කාන්තා කාර්‍යංශයේ නිලධාරිනියක ඇතුළු ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ උපාය දූතයන් යොදවා ගණිකාවක් ලබාගන්නා ආකාරයට මෙම මෙහෙයුම සිදු කොට තිබේ .
අත්අඩංගුවට පත් තරුණියන් වයස අවුරුදු 25ත් 30ත් අතර තරුණියන් බවත් ඔවුන් කුරුණෑගල අනුරාධපුර ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.