ෂේන් සෙනෙවිරත්න
මාතලෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අසල සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් තිදෙනකු සහ එහි කළමනාකාරවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ විශේෂ නියෝග මත එම පොලිස් කණ්ඩායම මාතලේ සිට නුවරට පැමිණ එම වැටලීම සිදුකොට ඇති අතර එම ස්ථානයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට හෝ බලපත්‍රයක් නොමැති බවද පොලිසිය කියයි.
මාතලේ පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරිනියක ඇතුළු ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ උපාය දූතයන් යොදවා ගණිකාවක් ලබාගන්නා ආකාරයට මෙම මෙහෙයුම සිදු කොට තිබේ .
අත්අඩංගුවට පත් තරුණියන් වයස අවුරුදු 25ත් 30ත් අතර තරුණියන් බවත් ඔවුන් කුරුණෑගල අනුරාධපුර ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අද ජීවත් වෙන්ට කරන දේවල්. මේ අය අත් අඩංගුවට ගැනීමේ පලක් නැහැ.
ලංකාවට ඇවිල්ලා ගිය සංචාරකයො ඔතැන විතරක් නොවේ දඹුල්ල පන්සල ලඟ කෙරන ඔවැනි තැනක් ගැනත් සඳහන් කලා...! ඇමරිකන් ඉංගිලිෂ් ඇක්සන්ට් එක දාලා සුපිරි විදියට සුද්ධන්ට කතා කරනවලු එක තරුණියක්.... මම ඇමරිකා ඉඳලා සම්භාහන පාඨමාලාවක් හදාරලා එහෙ විදියටම තමයි මෙහෙ කරන්නේ කියලා..!
අපේ පොලිසියට මත්කුඩු, අයිස් ආදිය අල්ලන්නත් ඔය ක්රමයම පාවිච්චි කරන්න බැරිද?
මහනුවර පොලිස්සියේ අයත් අහුඋනාද? මහනුවර පොලිස්සියේන් මේ වැටලීම නොකරන්නේ ඇයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. පොලිස් සේවාවත් විදෙස්රටකට, ඇමරිකාවට බාර දෙමුද ? එහෙම උනොත් පාතාල lives matters කියන්න වෙන විදිහට වැඩ සිද්ද වේවි.
එකෙන් පේනවා නුවර පොලිසියේ කෙරුවාව...ඕක වටලන්න කලින් නිවුස් එක ලීක් වෙනවා ...අර නුවර පැත්තේ තියනවා පාතාල මැරයෝ බය කරන් ඉන්න ගමක් කියල පත්තර වල ගියා ...උන් අල්ලන්න බෑ මොකද පොලිසියේ ලොක්කෝ උන්ට යටවෙලා ...ලංකාවේ හැම පැත්තකම තියන පොලිසි වල තත්වේ ඕක ..පළාතෙන් පිටින් හෝ එස් ටී එෆ් නැත්තන් වලාන ඒකකෙන් එන්න ඕන හරියට වැඩේ වෙන්න
මහනුවර පොලිසිය... එයාලා ඉතින් සිල් අරන් ඉන්න ඇති නේද? මාතලෙන්ම ඇවිල්ලා අල්ලනකල්.. ඒක පොලිස් විධිවිධාන සංග්‍රහයෙන් අනුමත ක්‍රියාවක්ද? ගමේ පොලිසිය නිදාගන්නයි, අල්ලපු ගමේ පොලිසියෙන් ඇවිල්ලා රාජකාරි කරන්නයි...!