සහනාධාර දෙන්නේ ආදායම වැඩි කරන සැලසුම් සමඟයි තමා ජනතාවට සහනාධාර ලබාදෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීමේ සැලසුම් සහිතව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට සහ මොනරාගල ජන රැලි අමතමින් පැවසීය. 30 August 2024
බස්නාහිරට - සබරගමුවට තරමක තද වැසි බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 August 2024
බසය වේල්ලේ ගැටී හයක් රෝහලට හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය කළ පුද්ගලික මගී බස් රියක් අද (30) අලුයම 3.30 ට පමණ තංගල්ල වේල්ලේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් හත්දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි . 30 August 2024
ඡන්ද වැඩට පොලිසියෙන් 54,000ක් ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය. 29 August 2024
රංගේ පක්ෂයෙන් දොට්ට,රංගෙගෙ තැන තලතාට? එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත. 29 August 2024
අල්ලස් ගත් සැරයන්ට මාංචු මතුගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙක් මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 August 2024
මෙහෙකාරිය නිවසට ආ දවයේම ලක්ෂ 85කට විදලා දෙහිවල ලියනගේ පාරේ ව්‍යාපාරිකයකු ගේ නිවසට මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක පැමිණි දිනම රුපියල් ලක්ෂ 85 කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් මෙරට සහ විදේශීය මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 29 August 2024
වසන්ත ඝාතනයේ සැකකරුවන් පැය 72ක් රඳවා ගනී අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පලාත් සභා මන්ත්‍රී සිංහාර පුෂ්පකුමාර වෙඩික්කරු සහ රියදුරු සැකකරුවන් තිදෙනා පැය 72 ක කාළයක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 කණ්ඩායම පවසයි. 29 August 2024
සබරගමු සිසුහු මාළු කටුවලට - සමට වටිනාකමක් දෙති මිරිදිය සහ කරදිය මත්ස්‍යයින්ගේ සම හා අනෙකුත් දුවිය යොදා ගෙන විවිධ නිශ්පාදනය රැසක් නිශ්පාදනය කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයේ සහ රුහුණු සිසුන් පිරිසක් සමත් වී තිබේ. 29 August 2024
ගැටුම් එපා: චීන ජනපති ඇමෙරිකාවට කියයි ලෝකයේ රටවලට දැන් අවශ්‍ය වන්නේ බෙදීම් හෝ ගැටුම් නොව සහයෝගිතාව සහ සම්බන්ධීකරණය බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පැවසීය. 29 August 2024
හමුදා සලාක මුදල ජනවාරියේ සිට වැටුපට හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 29 August 2024
බණ්ඩාරවෙල සිසු නායකයා කොළඹට ගෙන්නා පහරදීලා පාසලේදී ලබා දුන් උපදේශයකට උරනව ශිෂ්‍ය නායකයෙකුට කොළඹට ගෙන්වා දැඩි ලෙස පහරදී එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහළ බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක ශිෂ්‍යයින් තිදෙනෙකුට ඇප නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ළමුන් සම්බන්ධයෙන් පූර්ණ පරිවාස වාර්තාවක් කැඳවන ලෙසට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නියෝග කරමින් අද (29)දන්වා සිටියේය. 29 August 2024
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දළදා සමිඳුන්ට පූජා කරයි සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර ශ්‍රී දළදා සමිඳුන්ට අද (29) පස්වරුවේ පූජා කර , දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය ශාස්ත්‍රපති උරුලෑවේ ශ්‍රී ධම්මරක්ඛිත හිමි පාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නය බැහැ දැක උන් වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තේය. 29 August 2024
අයි.එස්.අයි.එස් ප්‍රවර්ධනය කළැයි රඳවා ගන්න නියෝග අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රකාශය සමාජ මාධ්‍යයේ පළ කරමින් එම සංවිධානයේ ලාංඡන සහිත මුදු ළඟ තබා ගත්තේ යැයි කියන පුද්ගලයෙකු රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 29 August 2024
අපි හදන්නේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් මෙපමණ කලක් එක එක පවුල් බලාගන්නා ආණ්ඩු තිබුන නමුත් මෙවර හදන්නේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මිනුවන්ගොඩ දී පැවසීය. 29 August 2024
පැල් රකින්න ගිය සිව්දරු මව අලි පහරින් මරුට තනියම අක්කරයක පමණ කුඹුරක් වැඩකර එය රැක ගැනීමට පැළක සිටි විවාහක සිව්දරු (74) වියේ පසු වු මවක වන අලි ප්‍රහාරයකට ලක්ව අද (29) මියගොස් ඇතැයි ගල්ගමුව පොලීසිය කියයි. 29 August 2024
කුඩු අලෙවි කරන නිවසක සිටි පොලීසියේ තුනක් අත්අඩංගුවට මත්කුඩු අලෙවි කරන නිවසක සැක කටයුතු අන්දමින් රැදී සිටී පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අද(29) අලුයම අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි . 29 August 2024
ජගත් කුමාර සජිත්ට හේත්තු වෙයි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි. 29 August 2024
ළමා නිවාසයෙන් අතුරුදන් වු තිදෙනා කැකිරාවෙන් හමුවෙයි මාතලේ ළමා නිවාසයකින් අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා කැකිරාව ගිරානේගම ප්‍රදේශයේ සැරි සරමින් සිටියදී කැකීරාව පොලිසිය අද (29) පොලිස් භාරයට ගෙන තිබේ. 29 August 2024
දරුවන්ගේ ගැටුමට පියා මැදිහත්වී සිසුන් හතරක් රෝහලේ කල්පිටිය අධ්‍යාපන කොට්ඨශයට අයත් පාසැලක සිසුන් සිව් දෙනෙකු පාසැල නිමාවී එමින් සිටියදී පාසැලට නුදුරින් මහ මගදී සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි. 29 August 2024
ගොවි බිමක වෙඩි තැබීමක් : අයෙක් අත්අඩංගුවට අනුරාධපුර, තලාව මැදවැව ප්‍රදේශයේ ගොවි බිමක සිදු වූ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් වෙඩි තැබීම සිදු කර පලා ගිය පුද්ගලයා මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි. 29 August 2024
රනිල්ගේ ප්‍රතිපත්තිය එළි දකියි කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද ? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද පැවසීය. 29 August 2024
තිදරු පියා බඳින තුවක්කුවට බිලි ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 29 August 2024
හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නවයක හිටපු සභාපතිවරුන් මෙවර ජනාධිපතිවරණයේ දි පොහොට්ටු අපේක්ෂකයා මඟහැර ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට එකඟතාවය පලකරති. 29 August 2024
විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ රාජකාරි අරඹති ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ. 29 August 2024
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට හිටපු පළාත් මන්ත්‍රීවරයෙක් අල්ලයි අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුට නවාතැන් දුන් බව කියන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අද (29) දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි 29 August 2024
‘ගොවියාට තෘප්තිමත් අනාගතයක් හදනවා‘ රටේ ජීවනාලිය වූ ගොවියාට සමඟි සන්ධාන රජය යටතේ හඬක්, තැනක්, ඉඩක් ලබාදී ගොවියාට තෘප්තිමත් අනාගතයක් ලබාදෙනවා යැයි ජනාධිපතිධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවායේදි පැවසිය. 29 August 2024
තලතාගේ පුරප්පාඩුවට කරු: ගැසට්ටුව පිටවෙයි තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 29 August 2024
දියණියගේ මුහුණ පිලිස්සු පියා අත්අඩංගුවට බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ නිවසක දි දැල්වූ ගිනිකූරකින් සිය බාලවයස්කාර 12 හැවිරිදි දියණියගේ මුහුණ පුලුස්සා බැණ තර්ජනය කරමින් පහරදී දී දියණියට කෲර වධහිංසා දුන්නැයි සැකපිට දෙදරු පියෙකු අද (29) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 29 August 2024
බඹරු නිසා තිදරු පියාට දිවි අහිමි වෙයි ගිරිල්ල රෝහලට බෙහෙත් ගැනීමට ,මහ කිරින්ද ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු රෝහලෙන් බෙහෙත් රැගෙන ආපසු නිවසට යන අවස්ථාවේ මහ මගදී බඹර ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි . 29 August 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026