
(ප්‍රසාද් රුක්මල් )
බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ නිවසක දි දැල්වූ ගිනිකූරකින් සිය බාලවයස්කාර 12 හැවිරිදි දියණියගේ මුහුණ පුලුස්සා බැණ තර්ජනය කරමින් පහරදී දී දියණියට කෲර වධහිංසා දුන්නැයි සැකපිට දෙදරු පියෙකු අද (29) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල අඹදන්ඩේගම මැදපතන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකු යැයි පොලිසිය කීය .
දැල්වූ ගිනිකූරකින් මුහුණ පුලුස්සා පහරදී මෙන් තුවාල ලැබු බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ පදිංචි ලියන්ගහවෙල ප්‍රදේශයේ පාසලක 7 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවිය දියතලාව රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .
මෙම සිසුවිය ගේ මව අඹදන්ඩේගම රෝස්ලෑන්ඩ්වත්ත තේ කර්මාන්ත ශාලාවක රැකියාව කරන බවත් ,ඇයට අවුරුදු හයක නැගනිය ක සිටින බවත් පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවෝ බලාගන්න ඉන්න අම්මා රැකියාවට යවලා රැකියා කරලා ගෙදරට අදායමක් උපයලා දෙන්න ඕනේ තාත්තලා දරුවෝ බලාගන්න ගෙදර නවත්තලා. ගියාම ඔහොම තමයි.