
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ළමා නිවාසයකින් අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා කැකිරාව ගිරානේගම ප්‍රදේශයේ සැරි සරමින් සිටියදී කැකීරාව පොලිසිය අද (29) පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ වයස (17) ක් වන 11 පන්තියේ ඉගෙනුම ලබන හා වයස අවුරුදු(14) ක් වයස 09 වන පන්තියේ ඉගෙනුම ලැබූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා හා තවත් වයස අවුරුදු (14) ක 9 පන්තියේ ඉගෙනුම ලැබූ මහනුවර රිකිල්ල ගස්කඩ හා මාතලේ හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකි.
ළමා නිවාසයේ රඳවා සිටි එම ළමුන් තිදෙනා අතුරුදහන් වී ඇති බවට එහි පාලිකාව විසින් මාතලේ පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයේදී මෙම සිසුවියන් තිදෙනා සොයා ගැනීමට හැකි වූ අතර පොලිස් භාරයට පත් වූ සිසුවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර පරීක්ෂණ පවත්වා නැවත එම ළමා නිවාසය වෙත භාර දීමට කටයුතු යොදා තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා නිවාස වල ළමයින් හිර කාරයින් වෙලා. ආදරයක් ලැබෙන්නෙ නෑ. පාලිකාවන් හරිම අමානුසිකයි . ඒකයි ළමයින් මෙහෙම පණින්නෙ. ඒක ළමයින් ට ඊට වඩා අණතුරු දායකයි