
(අයි.ආර්. ඉන්දික සහ පද්මසිරි ගාර්දියවසම්)
බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ ප්රදේශයේදී අද (03) උදේ 11 ට පමණ වන අලියෙකු පහරදීමෙන් වන්දනා බස් රියක් පෙරලී එහි සිටි වන්දනා කරුවන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය.
මෙලෙස මාර්ගය අසල පෙරලී අනතුරට ලක්ව ඇත්තේ හලාවත ප්රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි බස් රථයකි.
අනතුර සිදුවන විට වන්දනා බස් රථය කතරගම වන්දනා කටයුතු නිමවී බුත්තල දෙසට ගමන් කර ඇතැයි පොලිසිය කීවේය.
මේ වනවිට බස් රථයේ වන්දනා කරුවන් 45 දෙනෙකු පමණ ගමන් කර තිබේ.
තුවාල කරුවන් වහා 1990 ගිලන් රථයකින් කතරගම ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
බස් රථයට පහරදුන් වන අලියා පලාගොස් ඇතැයිද පොලිසිය කීවේය.
කතරගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd