
(ප්‍රියාණි මංගලිකා )
ගිරිල්ල රෝහලට බෙහෙත් ගැනීමට ,මහ කිරින්ද ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු රෝහලෙන් බෙහෙත් රැගෙන ආපසු නිවසට යන අවස්ථාවේ මහ මගදී බඹර ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි .
මෙසේ මිය ගොස් ඇත්තේ මහ කිරින්ද මොන්නෑකලම ලිපිනයේ පදිංචි එච්.එම්.ඒ.කපුරුබංඩා (90) නැමති තිදරු පියෙකි.
බිරිඳ මිය ගොස් , දියණියන් දෙදෙනා විවාහ වී ගොස් සිටින, රෝගී පුතා සමග නිවසේ ජීවත් වෙමින් සිටි මරණකරු . සුලු අසනීප තත්වයකට ප්‍රතිකාර ගැණීම සඳහා ,ගිරිල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවද පොලීසිය සඳහන් කරයි .
වෙනදා ඥාති පුත්‍රයෙකු සමග යතුරුපැදියෙන් ගමන් බිමන් ගිය මරණකරු මෙදින තනිවම පයින්ම මෙලෙස ගිරිල්ල රෝහලට පැමිණ ඇති අතර , රෝහලෙන් බෙහෙත් ගෙන ආපසු නිවසට යමින් සිටියදී ,ගිරිල්ල මාර්ගයේ බඹර කූඩුවක් ඇවිස්සී තිබී , එම බඹර ප්‍රහාරයට ලක්ව ඇතිි බවද පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු නිසා තිදරු පියාට දිවි අහිමි වෙයි