(කේ බුද්ධික කුමාරසිරි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුට නවාතැන් දුන් බව කියන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අද (29) දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ  අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු  එම වෙඩික්කරුට සංවිධානාත්මක අපරාධකරු  කන්ජිපාණී ඉම්රාන්ගේ ඉල්ලීම මත දින 25ක කාලයක් සිය නිවසේ නවාතැන් ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකි

පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත අතුරුගිරිය ගල්පොත්තාව පාර ප්‍රදේශයේ කුලී නිවසක තිබී පිස්තෝලයක් සහ උණ්ඩ 15 ක් ද සොයා ගත් බව ද එම කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය