
(රෝෂන් තුෂාර)
අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රකාශය සමාජ මාධ්‍යයේ පළ කරමින් එම සංවිධානයේ ලාංඡන සහිත මුදු ළඟ තබා ගත්තේ යැයි කියන පුද්ගලයෙකු රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
බොරුපන පාරේ පදිංචි සැකකරු සන්තකයේ තිබී ත්‍රස්ත සංවිධානයට අයත් දජ සහ ලාංඡන සහිත මුදු කීපයක් අත්අඩංගුවට ගත් බව විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd