
( කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ ගුණසිංහ නමැති 59 හැවිරිදි තිදරු පියෙකි.
වෙඩි පත්තුවීමත් සමඟ පසුපසට පැමිණි බඳින තුවක්කුව ඔහුගේ පපුවේ වැදීමෙන් ඔහු බරපතළ තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන්ට හමුව තිබේ. පසුව ඔහු රෝහල්ගත කර තිබිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.