
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත.
පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය අදාළ තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.
සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි ද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංගෙ බණ්ඩාර මහතාගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.
" ලියුමක් ලැබුණොත් මං ඔයාට කියන්නම්"යැයි ද බණ්ඩාර මහතා පැවැසීය.
COMMENTS
ලොකුම කුණුගොඩ අද තියෙන්නේ සිරිකොතේ...!
සිරිකොත දොර කොඩ බක බක ගානා ...!
දැන්වත් රනිල් කියන්නේ වැඩ අරගෙන රොඩ්ඩක් වගේ පයින් පාගලා විසි කරන කළගුණ දන්නේ නැති පුද්ගලයෙක් කියලා පිළිගන්නවාද?
කොහොමත් තම පැළැන්තියේ අයට රනිල් හැමු කැමැතියි. රංගෙ දැන් ගෙදර ගිහින් වොඩ්කා ටිකක් බීලා යන්න.
පක්ෂයට එන හැම එකාටම ආසන සංවිධායක කම්. දැන් පක්ෂ ලේකම් කමත් එහෙම නම් පක්ෂය කියන්න මහ පොළවේ පැවැත්මක් තියන එකක් නෙවෙයි කියලා මනාව ඔප්පු වෙනවා...
මේ වැඩේ ඇත්ත නම් මගේ ඡන්දය රනිල්ට නැත.
හිටපු පක්ෂයේ හොරු ඉන්නවා කියලා පාර්ලිමේන්තුවේදී ලොකු ප්‍රකාශයක් කරලා, මෙයා කොහොමද ලැජ්ජාවක් නැතිව ඊට වඩා ලෝක හොරු ඉන්න පක්ෂයක සාමාජිකත්වය ගන්නේ? ඡන්ද දායකයෝ මෙවැනි අවස්ථාවාදී උන්දැලා ගැන ඊළඟ ඡන්දෙදී බලාගන්න ඕනේ...!
ලංකාවට වෙච්චි දේ බැලුවාම මුලින්ම සමසමාජ පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඇතිවුණා. ඊළඟට එජාපය ÷ බණ්ඩාරනායක = ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිවෙනවා.. 1965 එජාපය හත් හවුල් ආණ්ඩුව තියෙද්දී විපක්ෂය ආණ්ඩුව පරාද කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීමට උපදෙස්දී ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරවීම 1970 දී ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂය = සමගි පෙරමුණු (තුන් හවුල්) ආණ්ඩුව. 2015 එජාපය ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වෙද්දී පවුල් පාලනය අරමුණු කරගෙන පොහොට්ටුව ආරම්භ කිරීම... ඉන් පස්සේ එජාපය ÷2 = එජාපය හා සජබ ඇරඹීම 2024 වනවිට එජාපය පොහොට්ටුවේ ඉදිරිපෙළ කොටසක් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එක් අපේක්ෂකයෙක්ද සජබ පොහොට්ටුවෙ දෙවැනි පෙළ කොටසක් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් හා නන්නත්තාර කණ්ඩායම් එක්ව තව කෙනෙක්ද පොහොට්ටුවේ මැරයින්ගේ හා දූෂිතයින් ලක්ෂ්මන් කණ්ඩායමේ කෙනෙක්ද ඉදිරිපත් වෙලා සිටින අතරේ ගම් මට්ටමේ වාසි තකා පාවෙන පොහොට්ටුවේ පිරිස මාලිමාව ජයග්‍රහණය සඳහා උපරිමයෙන් ඇපවී කැපවී ඉදිරිපත් වීම දැනට විමසිල්ලෙන් බැලුවොත් පේන්නම තියෙනවා...
බලමු මිනිහා පනින්නේ කොහාටද කියලා...?
රනිල්ගේ, මහින්දගේ සිරිත ඒක තමයි... බැරි වෙලාවේ උඩට එන්න දීපු අත හපා කන එක. පාලිත රංගේ බණ්ඩාර ගැන මොන විවේචන තිබුණත් පක්ෂය බිංදුවට බැස්ස වෙලාවේ මහ ලේකම්ධුරය බාර ගත්තා. දැන් යාන්තමට පක්ෂය ඔලුව උස්සන්න ගත්තා විතරයි මිනිහට පයින් ගැහුවා...!
ලැජ්ජාව කියන දේ. කොහේ තිබෙනවාද නොදනිම්ද?
ඔන්න ඕක තමයි මේ ගොල්ලන්ගේ යථාර්ථය, කොහොම වෙතත් මේක අපට නම් අපායට ගහපු හෙණයකට වඩා වැඩියමක් නෙවෙයි. මේවා කවදාවත් රටේ මහජන සුබ සිද්ධියට හේතුවන දේවල් නෙවෙයි, රටට හෙණ කටින දේවල්...!
එන් පී පීය ගැන පච වපුරලා ගේම ඉල්ලු කෙනෙක්, අනේ අපොයි...
තලතා රනිල්ට ක්ෂව වැඩ කළාට යටින් මහ මයිනාට පක්ෂව හොරෙන් වැඩ...
රංගේ බන්ඩයියේ ඔයා ලජ්ජා වෙන්න එපා. අනික කොහොමටවත් ඕගොල්ලන්ට ලැජ්ජාව කියලා දෙයක් ඇත්තේම නැති හින්දා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ. ඔයා ඔතැන දමා ගහලා යන්න මරික්කාර් ගාවට හරි සේනසිංහ ගාවට හරි නැත්නම් ආර්යාව ගාවට හරි ගිහින් කියන්න මම අද ඉඳන් සජබෙට එන්න සූදානම් කියලා. නැත්නම් කෙලින්ම සජි බබාට කතා කරන්න. එතැන සැලුන් එකේ දොරෙන් ඇතුළටම යන්න. අනික ඔය සැලුන් එකෙන් ඔයාගේ කොන්ඩේ අමුතුවෙන් කපන්න කියලා දේකුත් නැහැනේ. එතැන ෂුවර් එකටම ඔයාව වැඩට ගන්නවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ රිපොටර්ලගේ මයික් ටික ඉස්සරහට ගිහින් දේශපාලනේ සදාකාලික හතුරෝත් නැහැ සදාකාලික මිතුරෝත් නැහැ... ඉන්නේ මෙලෝ හසරක් දන්නේ නැතුව අපිට ඡන්දෙ දාන ගොන් හරක් රැලක් විතරයි කියලා ඉහි ඉහි හික් ගාලා හිනාවක් දාන එක විතරයි. හැබැයි වැරැදිලාවත් අර මාලිමාව පැත්තට නම් යන්න එපා ඔයාට ගහලා පන්නයි.
රංගෙ, රංගෙ ඔයා එනවද?
හොරු එක්ක ඉන්න බැහැ කියලා දැන් කොහොමද වැඩේ...?
මේක දැං නිකං සංගීත පුටු තරගයක වගේ වෙලා. කෙනෙක් නැගිටිනකොට වෙන කෙනෙක් ඉඳගන්නවා.
ප්‍රතිපත්ති කියන වචනය සිංහල භාෂාවෙන් අයින් කරන්න වෙයි වගේ...!
රංගේ... රංගේ... එන්නැද්ද ඔයා?
රනිල් ළගට කියපු පොහොට්ටු සෙට් එකටත් මේකම තමා වෙන්නේ.
මේ තවත් එක් දිට්ඨධම්මවේදනීය විපාකයක්. තමන් කවුද කියා තේරුම් නොගත් උද්දච්ඡ මිනිසුන්ට වෙනදේ පිළිබඳව බියක්. රංගේ බංඩාර කියන්නේ කොයිවගේ කෙනෙක්ද...? UNP එකට කඩේ ගිහිල්ලා පරිප්පු කාපු oic කෙනෙක්. ඒ වෙනුවෙන් UNP එක එයාට ආසන සංවිධායක කමක් දුන්නා. එයා සහ සජිත් මහත්තයා පක්ෂය තුළ කවුද? නමුත් පහුගිය කාලය තුළ සජිත් මහත්තයාට මඩ ගැහුවේ නැහැ රවී කරුණානායකවත්...
තලතා නියමෙට ප්ලෑන් කරලා වැඩේ කරලා තියෙන්නේ. ඕකම තමයි පොහොට්ටුවෙන් ආපු හොරු සෙට් එකටත් වෙන්නේ...!