
පසුගියදා ලංකාවට නිරිත දිගින් මුහුදු සැතපුම් 100කට එහායින් සැක සහිත ධීවර බෝට්ටුවක් අත් අඩංගුවට ගනු ලැබීය.ඒ බෝට්ටුවේ ධීවරයන් හයදෙනෙක් සිටි අතර එහි සැකසහිත මලු 19 ක් තිබුණේය.මෙම ධීවර යාත්‍රාව සමබන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගිනි.ඒ අනුව අදාළ සැකකටයුතු ධීවර බෝට්ටුව ගොඩබිමට රුගෙන එන ලදි.එසේ රැගෙන විත් පරීක්ෂා කරන විට අදාළ යාත්‍රාවේ මලු 19 තුළ පැකට් 298 ක් සොයාගැනීමට හැකි විය.එහි බර කිලෝ 323 කි.
ඒ අනුව යාත්‍රාවේ සිටි ධීවරයන් 6 දෙනා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අතර පුදුම සහගත කතාව එළියට ආවේ ඒ මොහොතේය.මෙම ධීවරයන් මුහුදු ගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයෙන් පසුගිය පෙබරවාරි 3 දාය.එසේ යන ගමන් අදාළ ධීවර බෝට්ටුවේ හිමිකරු කියන පුද්ගලයා කල්පිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවට නැග ඇත.එසේ ගිය පිරිස අවස්ථා හතරකදී ඉරාන නැව් හතරක් මගින් කිලෝ 71,71,76,85 වශයෙන් හොරොයින් ලබාගෙන ඇති අතර ඒ සඳහා චන්ද්‍රිකා දුරකථනයක්ද ලබාදී තිබේ.කෙසේ වෙතත් කල්පිටියෙන් ගිය පුද්ගලයා ධීවර බෝට්ටුවේ හිමිකරු කීවත් සැබෑම හිමිකරු දිසානායක නමැති පුද්ගලයකු බව පසුව අනාවරණය විය. ඔහු ඩුබායිහි සැඟව සිටින මිනිස් ජාවාරම්කරුවකු බව පොලිසිය සොයාගෙන ඇත.
සෙව්වන්දිගේ වැරදුණු උපන්දින සාදය
එහෙත් දිසානායකගේ හොඳම කතාව නම් ඔහු පසුගිය මාසයේදී අත් අඩංගුවටගත් මත්ද්‍රව්‍ය කිලෝ 654සහ ගිනි අවි 11 ක් යාත්‍රාවක් සමඟ අත් අඩංගුවට ගත් සිදුවීමේද මහ මොළකරු වීමය.ඒ අනුව දැන් කරළියේ නම කියවන්නේ දිසානායක ගැනය. දිසානායක ඇත්තටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද නැත්නම් ප්‍රවාහනය කරන්නාද යන්න ප්‍රශ්නයක් ඇත.කාලයක් දෙහි බාලේ කරන්නේද එකම දේය.කෙසේ වෙතත් මේ සියල්ල විමර්ශන මත ඉදිරියේ හෙළිවනු ඇත. එතෙක් අපි ඉවසීමෙන් බලා සිටිමු.
සෙව්වන්දිගේ උපන් දිනය
ගණේමුල්ල සංජීව උසාවි භූමිය තුළ වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු වූයේ කොමාන්ඩෝ සමිඳු නමැති වෙඩික්කරුය.මේ වෙඩික්කරු සඳහා ගිනි අවියත් දී ඔහු සමඟ වෙඩි ප්‍රහාරය තෙක් පහසුකම් සැලසීම කළේ කෙහෙල්බද්දර පද්මේගේ කීමට සෙව්වන්දි නමැති තරුණිය විසිනි. එම ඝාතනයෙන් පසුව සමිඳු එදාම සවස කොටු වුණත් සෙව්වන්දි සොයාගැනීමට කාලයක් යනතෙක් හැකි වුයේ නැත.මේ නිසා විවිධ කටකතා පැතිරුණේය.එක් වතාවක් සෙව්වන්දි රටින් පැනගත් බව කටකතා පැතිරිණ. ඒ කට කතා මැද විමර්ශන නිලධාරීහු තම විමර්ශන සිදුකරගෙන ගියහ.ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී සෙව්වන්දී ඇතුළු පිරිසක් නේපාලයේදී අත් අඩංගුවට ගත්තේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු පිරිස ගොස්ය.එසේ අත් අඩංගුවට ගත් සෙව්වන්දි ඇතුළු පිරිස ලංකාවට ගෙනවිත් විමර්ශන සඳහා විවිධ ස්ථාන වෙත භාරදෙන ලදි.ඒ අනුව සෙව්වන්දි භාර දුන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතය.එසේ එම කොට්ඨාසයට භාරදෙන විට බොහෝ දෙනා එයට විරුද්ධ වුණා සේම විවේචනද එල්ල විය.එහෙත් සෙව්වන්දි භාර දෙන ලදි.ඒ අතර ඩුප්ලිකේට් සෙව්වන්දි වූ නන්ද කුමාර් තක්ෂි ද සිටියාය.
එම සිදුවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට සිදුවූ කැළල සුළුපටු නොවීය.එහෙත් ඔවුන් එය පාඩමක් කරගත්තේ නැත.
කාලය ගතවීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් කතාවක් එළියට ආවේය.ඒ පසුගිය දෙසැම්බර් මාසයේදීය.ඩුප්ලිකේට් සෙව්වන්දි හට රාත්‍රී ආරක්ෂාව සඳහා යොදවා සිටි සැරයන්වරයෙකු බිස්කට් කැවීමේ සිදුවීමකට අදාළව ඔහුගේ වැඩ තහනම් කළ පුවතකි.එනම් රාත්‍රියේදී තක්ෂි හට බිස්කට් ලබාදී ඇති අතර එහිදී ඇය අඩක් කා එම බිස්කටුවේ ඉතිරි කොටස සැරයන්වරයාට ලබාදී ඇත. සැරයන්වරයා ඒ කොටස අනුභව කර තිබේ.පසුව සීසීටීවී පරීක්ෂා කිරීමේදී එය හෙළිවීමෙන් අදාළ සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත.
එම සිදුවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට සිදුවූ කැළල සුළුපටු නොවීය.එහෙත් ඔවුන් එය පාඩමක් කරගත්තේ නැත.පසුගියදා ලියුම්කරු වෙත තොරතුරක් ආවේය.ඒ කොළඹ අපරාධ කොට්ඨාසයෙහි සැමරෑ උපන්දින සාදයක් ගැනය.මෙය සුළුපටු උපන්දින සාදයක් නොව ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන සෙව්වන්දිගේ උපදින සාදයයි.මෙම සාදය පැවැත්වීම සඳාහා පුර්ණ අනුග්‍රහය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ලබාදී තිබුණ බවද දැනගන්නට ලැබිණ.ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී සිදුවීම අනාවරණය විය.
එනම් පසුගිය ඉරිදා සෙව්වන්දිගේ උපන්දිනය යෙදි තිබූ අතර ඒ සඳහා සෙව්වන්දිගේ සහෝදරයා විසින් කේක් ගෙඩියක් රැගෙන විත් ඇත.ඒ සෙව්වන්දිගේ නැන්දා සහ ඇගේ පුත්‍රයාද සමඟය. එසේ ගෙනා කේක් ගෙඩිය කපන්නට සුදානම් වනවිට ඒ සම්බන්ධයෙන් තොරතුරු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා හට දැනගන්නට ලැබිණ.වහාම ක්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නේ එම ස්ථානයට ගොස් වහාම එය නවතා දමා ”කේක් ගෙඩියට පයින් ගසන ලෙසය”. වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයාද පිටත් විය.ඒ සවස 1.30ට පමණය.කිසිවකු නොමැති වෙලාවේ කේක් කපා සියල්ල සැමරීමේ ඉඩකඩ ලබාදී තිබුණේ ස්ථානාධිපතිවරයා බව මෙහිදී හෙළිවිය. කේක් කැපුවාට කමක් නැති බවත් එහෙත් ෆොටෝ නොගන්නා ලෙසත්,ඒවා ස මාජ මාධ්‍යයේ ගියොත් ප්‍රශ්නයක් වන බවත් අදාළ ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇති බව මෙහිදී අනාවරණය විය.ඒ අනුව එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය පොලිසිපතිවරයා සියල්ල දැනගෙන අදාළ සියලු නිලධාරීන්ට දෙහි කැපුවේ කවදාවත් අසා නොමැති භාෂාවෙනි.
ස්ථානාධිපතිඑවරයා සිදුකළ වරදේ බරපතළකම එන්නේ අද හෙට නොව නඩුව විභාග වන අනාගතයේදීය.
ප්‍රශ්නය එතැනින් නැවතුණේ නැත.වහාම විමර්ශනයක් සිදුකරන්නත්,ඒ විමර්ශන වාර්තාව ඔස්සේ පරීක්ෂණයක් සිදුකර විනය ක්‍රියාමාර්ග ගැනීමටත් තීන්දු විය.එහෙත් පොලිස්පතිවරයා ඒ මොහොතේ ලංකාවේ සිටියේ නැත.ඒ නිසා ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමේ හැකියාවක් නොමැත.වාර්තාව සකසා ගත්තේ ඊට පසුදින පොලිස්පතිවරයා මෙරටට පැමිණි සැණින් අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමේ අරමුණෙනි.
ඒ අනුව ඊට පසුදින පොලිස්පතිවරයා ආ සැණින් අදාළ වාර්තාව ඉදිරිපත් කෙරිණ.එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව එදින රාත්‍රියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීම වෙනුවට ඔහුට මාරුවක් ලබාදී තිබේ.එතරම් විනය විරෝධී වැඩක් සිදුකරලාත් ස්ථානාධිපතිවරයාට මාරුවක් පමණක් ලබාදීම කෙතරම් සුදුසු දැයි අප දන්නේ නැත. ස්ථානාධිපතිඑවරයා සිදුකළ වරදේ බරපතළකම එන්නේ අද හෙට නොව නඩුව විභාග වන අනාගතයේදීය. සෙව්වන්දිගේ කේක් කා නඩුව දියාරු වන්නට ඉඩකඩ වැඩි ඈතක නැත.ඒ නිසා මේවා සෙල්ලම් නොවේය.එපමණක් නොව මේවාට එහි ලොක්කන්ද වගකිව යුතුය.පොඩ්ඩන් බිල්ලට දී ලොක්කන් ඇඟ බේරගන්නා ක්‍රමය දැන් පහසුම ක්‍රමය වී ඇත.විශේෂයෙන් කියන්නට දෙයක් ඇත.කොළඹ අපරාධ කොට්ඨාසය මේ වැඩ අද ඊයේ කළ ඒවා නොවේ.මීට පෙර කංජිපානිටද කේක් කපා උපන්දින සමරන ලදි.ඒ වීඩියෝ පට එළියට ගියේය.ඒ නිසා කාලයක් නම බැබලවූ කොළඹ අපරාධ කොට්ඨාසය අද සාද ගන්නා ස්ථානයක් බවට පත්ව ඇත.
ගයාන් ගාල්ලගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd