
පවතින යුදමය වාතාවරණය හමුවේ තමන්ගේ රටවල බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් රුසියාව සමග ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන රටවල් දිගුකාලීන සහයෝගීතාව පදනම් කරගත් ගිවිසුම් අනුව කටයුතු කළ යුතු යැයි රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච් ඉකුත් 01 වැනිදා කොළඹ දී පැවසීය.
රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පාත්ෆයින්ඩර් ආයතනය විසින් සංවිධානය කරන ලද තානාපතිවරයකු සමග සාකච්ඡාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
රුසියාවෙන් ඛනිජ ද්‍රව්‍ය මිලදී ගන්නා රටවල් ඊට අදාළ ගෙවීම් කළ යුත්තේ කුමන මුදල් ඒකකයක් මගින් ද යන්න සම්බන්ධයෙන් රුසියාව තෝරා ගැනීමක් සිදු නොකරන බව ද සාකච්ඡා කර ඒ සඳහා ක්‍රමයක් සොයා ගත හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.
එහෙත් වේගයෙන් වර්ධනය වන රුසියාවේ වෙළෙඳ ගනුදෙනු සඳහා ඩොලර් යුරෝ වැනි ප්‍රධාන මුදල් ඒකක වෙනුවට ඒ ඒ රටවල ජාතික මුදල් ඒකක වැඩි වශයෙන් භාවිත වෙන බව ද ඒ අනුව රුසියාව හා චීනය අතර කෙරෙන වෙළෙඳ ගනුදෙනු සියයට 99 ක්ම රූබල් හෝ යුවාන් මුදල් ඒකකවලින් සිදු වන බව ද ඔහු කීවේ ය.
මීට වසර කිහිපයකට ඉහත දී ලෝක වෙළෙඳ කටයුතු සඳහා සියයට 67 ක ප්‍රතිශතයකින් ඇමෙරිකානු ඩොලරය භාවිත කළ ද මේ වෙද්දී එම අගය සියයට 40 දක්වා පහත වැටී ඇති බව කී හෙතෙම ඉතුරු සියයට හැට සඳහා යොදා ගනු ලබන්නේ ඒ ඒ රටවල ජාතික මුදල් ඒකක බව ද ප්‍රකාශ කළේ ය.
එහිදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“ගෝලීය දකුණේ හඬ ප්‍රබල වෙමින් තියෙනවා. චීනය ඉන්දියාව වගේ විශාල රටවල වගේම ආසියාන් වැනි සංවිධාන ආර්ථිකමය දේශපාලනිකමය සහ ආරක්ෂකමය වශයෙන් දැවැන්ත භූමිකාවක් ඉටු කරනවා. එම නිසා ඇමෙරිකාවට හා ඔවුන්ට හිතවත් රටවලට අවශ්‍ය දේවල් කරන්න ලැබෙන්නෙ නෑ. ගෝලීය දකුණේ රටවල හඬට මීට වඩා ඇහුම්කන් දිය යුතු බව අපි විශ්වාස කරනවා.
ආසියානු කලාපයේ සියලු රටවල් සමග දිගුකාලීන සබඳතා පවත්වාගෙන යන්න රුසියාවට අවශ්‍යයි. ඒක ඛනිජ තෙල් හෝ ගෑස්වලට පමණක් සීමා වෙන දෙයක් නෙවෙයි.
අවුරුද්දකට කලින් රුසියානු ජනාධිපතිවරයා යුරේසියානු ආරක්ෂක සංවාදයක් පිළිබඳ අදහස ඉදිරිපත් කළා. එය විශාල කලාපයක් ආවරණය කරනවා. යුරෝපයේ සිට ආසියාන් කලාපය දක්වා දකුණු ආසියානු කලාපය ද ඇතුළත් පුළුල් ප්‍රදේශයක් එයින් ආවරණය කරනවා. මෙම විශාල කලාපයට කිසිදු සංවිධානයක් හෝ ව්‍යුහයක් නෑ. මේ කලාපය සම්බන්ධීකරණය කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාවල අවසානයේ දී එහි වැදගත්කම තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ විදියේ ආරක්ෂක එකතුවක් ගොඩනැගුවොත් මෙම විශාල කලාපයේ තිබෙන කුඩා සංවිධානවලට එකිනෙකා සමග සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙනවා. උදාහරණයකට යුරෝපා සංගමය ආසියාන් සංවිධානය සහ යුරේසියානු ආර්ථික සංගමය එකිනෙකා මුණ ගැහෙනවා.
වෙනස් වෙමින් තිබෙන මේ ලෝක ක්‍රමය ඇතුළත රුසියාව තමන්ගෙ ස්ථානය තහවුරු කරලා තියෙන්නෙ නව ලෝක ක්‍රමයේ මූලිකයෙක් හැටියට. මේ යුද තත්ත්වය හමුවේ ආසියානු රටවල් ආර්ථිකය හා බලශක්තිය ගැන අවධානය යොමු කර ඇති තත්වයක, රුසියාව තමන් සතු සම්පත් ඒවා අවශ්‍ය රටවලට සපයන්න සූදානම්. ඇමෙරිකාව මේ වෙනවිට රුසියානු ඛනිජ ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක මාසයක් සඳහා ඉවත් කරලා තියෙන්නෙ. මම හිතන්නෙ මේක ආසියානු කලාපයේ රටවලට හොඳ අවස්ථාවක්. නමුත් මේ මාසයක කාලය අවසන් වූ පසු කුමක්ද වෙන්නෙ? ආසියානු කලාපයේ සියලු රටවල් සමග දිගුකාලීන සබඳතා පවත්වාගෙන යන්න රුසියාවට අවශ්‍යයි. ඒක ඛනිජ තෙල් හෝ ගෑස්වලට පමණක් සීමා වෙන දෙයක් නෙවෙයි. සිය රටවල බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් රුසියාව සමග මේ අවස්ථාවේ ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන රටවලට මම කියන්න කැමතියි ඒ ගනුදෙනු පදනම් විය යුත්තෙ දිගුකල් පවතින සහයෝගීතාවක් මත කියලා.
මේ යුද්ධය ඉක්මනින් නතර විය යුතුයි. නමුත් ඉරානය යුද්ධ කරන එක නතර කළ යුතුයි. අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුයි, පමණක් කීම සාධාරණ නෑ. එහෙම කියන පාර්ශ්ව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙළන එක සහ යටිතල පහසුකම්වලට පහර දෙන එක නතර කළ යුතුයි කියලා කියන්නෙ නැත්තෙ ඇයි ? රුසියාවේ ස්ථාවරය තමයි මුලින්ම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කරන යුද්ධය නතර කළ යුතුයි. එතකොට සමස්ත තත්ත්වයම වෙනස් වෙනු ඇත. යුද්ධය නතර කරලා සාමය ස්ථාපිත විය යුතුයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ඉතා ඉක්මනින් විවෘත වෙනවා දකින්න අපි කැමතියි. මොකද රුසියාවේ කාගෝ නැව් හා ටැංකිත් පර්සියානු ගල්ෆ් කලාපයේ සිරවී තියෙන නිසා”
උපුල් වික්‍රමසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd