(අංජුල මහික වීරරත්න)
කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද පැවසීය.
පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියේ මූලික අරමුණ වහා ක්‍රියාත්මක වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මීට මොහොතකට පෙර සිදු කෙරිණි.
ජනාධිපතිවරයා තරුණ පරපුරේ අනාගතේ ගොඩනැගීම සංකේතවත් කරමින් මුලින්ම තරුණ පරපුර වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අතර තම දේශනය කරන විටද තරුණ පරපුරට වේදිකාවට ආරාධනා කළේය.
බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය පැවැත්විණි.
අර්බුදයක් මැද සිටින රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන ක්ෂණික ක්‍රියාමාර්ග මෙන්ම ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමේ මඟ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.
(ඡායාරූප: ප්‍රදීප් පතිරණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙතන කියන්ටෝන විකිණීම, ණය ගැනීම, බදු ගැසීම තමයි මගේ ප්‍රතිපත්තිය.
රනිල්ගේ ප්‍රතිපත්තිය හොරු රැකීම
රනිල්ගේ ප්‍රතිපත්තිය ජනතාවට බදු, පාලකයින්ට සැප
1977 ඉඳලා ඔයා ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්ති අපි හොඳට දන්නවා.
සාකච්චාවෙන් සහ සම්මුතියෙන් රටක් පාලනය කල යුතුයි කියලා ධර්මයේත් තියනවා . කොහෙද මේ ඒවා තේරුම් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයිනේ .මෙයා දන්නේ හීන් නූල් සාස්තර විතරයි
මෑත කාලයේ දැකපු හොඳම ප්‍රතිපත්තිය මේකයි .කරපු දේවල් කරන දේවල් හරි විදියට පැහැදිලි කරලා තියනවා
අවුරුදු 80ට කිට්ටු සීයාට තමා පුළුවන්! බණ පොතක් කියවන් ඉන්ඩ ඔනී කාලේ තමා රට හදන්න පුළුවන් වෙන්නේ ! නාකි විසේ !
"හොරකම සුපිරියටම පුළුවන් ශ්‍රී ලංකා"
අවුරුදු 30-40 ඔය ප්‍රතිපත්ති ජනතාව දැක්කානේ .ඒකනේ චන්ද පැරදිලා රටේ වාර්තාවක් තිබ්බේ
සීයා 30, 40 කාලයේ කියපු දේවල් හොරකම් කරන තරුණ උදවිය කවුද කියලා දවස් කීපයකට කලින් දැක්කා.
ප්‍රතිපත්ති ?! ආ! මෙයා ගාව එහෙම එකකුත් තියෙනවද? අපි නම් අදමයි ඇහුවේ.
වැල් පාලමෙන් ගිහින් ගගට වැටෙන එක වෙන්ඩැ. වසර 47ක් දේසපාලනේ කරලා රට බන්කොලොත් කරන්ඩ දායක උනා.කටින් බතල හිටවනවා..හිටපු නායකයොත් ප්‍රතිපත්ති පෙන්නලා ජනතාව රැවට්ටුවා.අන්තිමට පවුලේ හතර වරිගෙම ඉන්න උන් කිට්ටු කරගෙන කරපු හරියත් ලෝකෙම දන්නවා .
අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන්ම තර්කානුකුල මිනිසුන් බිහිවීම වලක්වලයි තියෙන්නේ. තමන්ගේ මොලෙන් හිතන්නේ නැතිව තවත් කවුරු හරි කියන දෙයක් එලෙසින්ම විශ්ව කරලා කට මැත දෙඩවීම . විරුද්ධ මත වලට අහුන්කන්දීම වෙනුවට ගැරහීම , තමන් සියල්ල දන්නා බව සිතීම යනාදිය මෝඩයාගේ ලක්ෂනනේ . ඉතින් මෙතැන් තියෙන කොමෙන්ට් වලින් බහුතරක්ම එවැනි හිස් මිනිසුන්ගේ වෛරීය ප්‍රකාශන විතරයි . මේ ගොන්නු එකෙක් වත් දන්නේ නැහැ අධ්‍යාපන විද්‍යා පීඨ මගින් ගුරුවරු බිහි කිරීම , අපොස උසස්පෙළ හා සාමාන්‍යපෙළ විභාග ක්‍රමය , ජාතික අධ්‍යාපන ආයතනය වගේම අද අන්තර්ජාල පහසුකම් ලංකාවට හඳුන්වාදුන්නේ ඔය කියන නාකි සීයා බව .
මහබැංකුව හොරාකාපු, මහජන ඡන්දයෙන් තොරව හොරු 134 දෙනෙකුගේ ඡන්දෙන් පත්වී හිටපු අවුරුදු 2ට තවත් ඩොලර් බිලියන 5 ක් රට ණයකාරයෙක් කරලා... !!!
අපිට අමතක නැහැ" තරුණ පරපුරට "සලකපු හැටි. ජනාධිපති පුටුව කෙසේවෙතත් විදුලි පුටුවේ හින්දවිය යුතුයි.
මාළු මාමාගේ එක්දහස් පන්සීයේ කොමන්ට් බලකාය බැහැලා ඉන්නේ.
ණය ගෙවන්නේ නැතුව ඉදලා ආර්ථිකය හරි කියන එකනෙ මෙයාගෙ ප්‍රතිපත්තිය. ආයි ප්‍රකාශන මොකටද?
රනිල්ගේ ප්‍රතිපත්තිය ජනතාව රැවැට්ටීම, බලයේ ඉන්න එක හැර වෙන මොනවාද?