
(බී.ජි. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, තලාව මැදවැව ප්‍රදේශයේ ගොවි බිමක සිදු වූ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් වෙඩි තැබීම සිදු කර පලා ගිය පුද්ගලයා මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වෙඩි තැබීම සිදු කල පුද්ගලයාගේ 23 හැවිරිදි පුත්‍රයා සහ වෙඩි වැදීමට ලක් වූ 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .
මැද වැව ප්‍රදේශයේ පැපොල් වගා කරන ගොවි බිමක, එම වගාව සදහා යොදා ගත් ජලනල කීපයක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් විමසා එම ගොවි බිමෙහි අයිතිකරු තවත් පිරිසක් සමග රාත්‍රියේදී යාබද වගා බිමෙහි තාවකාලික නිවසක සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වීමෙන් එම පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවත් ඉන් අනතුරුව එම පියා විසින් පහර දීමට පැමිණි පිරිසට වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙහිදී පහර දීමට පැමිණි පිරිස වෙත සිදු කල වෙඩි තැබීමෙන් එම පිරිසේ සිටි එක් පුද්ගලයෙකු බර පතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
මෙහිදී වෙඩි තැබීම සිදු කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කල පරීක්ෂාවකදී එම සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හමු වූ බව පොලිසිය කියයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.