
(සුජිත් හේවාජුලිගේ)
හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම සහනදායී මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය
මෙසේ කටයුතු කිරීමෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක් නොව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.
COMMENTS
මේ අය මැතිවරණ නීති අමුවෙන්ම උල්ලංඝනය කරනවා.
මෙහෙමත් කැරට් බෙදිල්ලක්.. ඡන්දෙ දිනන බව දන්නවා නම් ඇයි මෙතරම් බොරු කරන්නේ...
ඒක නම් හොඳ අදහසක්... මේක ක්‍රියාත්මක කෙරෙයිද කියන එකයි විශ්වාස නැත්තේ...
2025 ජනවාරි මසට කලින් දෙන්න බැරිද ජනාධිපති මැතිවරණයෙන් පස්සෙ ඔය අදහස් වෙනස්වේ
2025 ජනවාරි මසට කලින් දෙන්න...
මේ පනස්දාහම ඡන්දෙ දෙනවා කිව්වද?
මේ පාර ආරංචි විදියට ත්‍රිවිධ හමුදාවේ බහුතරයක් මාලිමාවට. එම ඡන්ද ලබාගැනීමේ එක් උපක්‍රමයක් මේක... ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ලක්ෂ 2 1/2 ක පමණ සේවයේ යෙදී සිටින අතර එයින් 55000කට පමණ සෙත සැලසෙන බව කියයි. එවිට ඉතිරි අය. ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා නොදන්නා නමුත් දැනටත් එම 55000ම සලාක මුදල ලබාගනී. මෙය වංගු ගැසීමක් ලෙස හැඳින්විය හැකිය...
වඩාත් හොඳ අදහසක්. මොකද නිවාඩු යන සෙසු නිලයෙකුටම මාසයක් අවසානය ලබාගන්නා නිවාඩු දින 10 සඳහා හිමි සලාක මුදල් නිසි පරිදි ඔවුන් හට හිමි වෙන්නේ නෑ.
අනේ ප්‍රමිත, ලැජ්ජාවක් නැහැ... තාත්තාට නැතත් සීයාට තිබුණා. හොරු සමග හෙළුවෙන් ඉන්න එපා...!
රජයට හොරා කන්න පුරුදු කරන්නේ අපිම තමයි වැඩක්කර ගන්න කොට, ජරාවනෝදී හිටපල්ලා එතකොටහරි නුඹලා ජාරාව දෙනකන් කවුරු ආවත් හොරාකනවා... ඒක ස්ථිරයි...