
( සිසිර කැලේගම)
තනියම අක්කරයක පමණ කුඹුරක් වැඩකර එය රැක ගැනීමට පැළක සිටි විවාහක සිව්දරු (74) වියේ පසු වු මවක වන අලි ප්‍රහාරයකට ලක්ව අද (29) මියගොස් ඇතැයි ගල්ගමුව පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව ,පොරතුකඩවල ලිපිනයේ පදිංචිව සිටි එස්.ආර්.බී.ඩබ්ලිව්.එම්. චන්ද්‍රාවති කුමාරිහාමි නැමැත්තියක බව පොලීසිය සඳහන් කරයි.
ඇයගේ දරුවන් හතර දෙනාම පිටත පදිංචිව රැකියාවල නියැලෙන අතර ඇය පමණක් තනියම නිවසක වාසය කර තිබේ.
නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් යුත් අක්කරයක පමණ කුඹුරක වී වපුරා එහි අස්වැන්න දින දෙකක් තිස්සේ තනියම කපා එය පාගෙන ගෙට ගෙන යන තෙක් පැල් රැකීමට ගොස් සිටිය දී තනි අලියා පහරදී ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවද්දි දුක හිතෙනවා. අලියා වන ද වල් ද කියලා නෑ. උගේ නම වෙනස් කලාට වැඩක් වෙලා නැහැ වගේ. කොහොම උනත් අපි හේන් ගොවිතැන් කුඹුරු කරන්නේ සියවසකට කලින් අලියගේ වාසස්ථාන වල නේ .
මෙහෙම ධෛර්යමත් කාන්තාවන් සිටින රටක අතපය තියෙන තරුණ පිරිමි අස්වැසුම ගැනීමට පෝලිමේ සිටින අපූරුව...