
(ජේ.ඒ.එල් ජයසිංහ සහ නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර ශ්‍රී දළදා සමිඳුන්ට අද (29) පස්වරුවේ පූජා කර , දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය ශාස්ත්‍රපති උරුලෑවේ ශ්‍රී ධම්මරක්ඛිත හිමි පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය බැහැ දැක උන් වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තේය.
දළදා මාළිගාවට පැමිණි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු නියෝජිත පිරිස දළදා මාළිගාවේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල,පාඨලී චමිපික රණවක ,අර්ජුන රණතුංග මහාචාර්ය ජී එල් පීරීස් ,දයාසිරි ජයසේකර ආචාර්ය හර්ෂද සිල්වා, තිලංග සුමතිපාල, ලකී ජයවර්ධන එරාන් වික්‍රමරත්න යන මහත්වරුද පක්ෂයේ ක්‍රියාකාරීන්ද සහභාගි වූහ.

COMMENTS
මූ බෝන් අගේන් උන් සහ ජිහාඩි උන් එක්ක තමා ඔක්කොම වෑඩ…. මේවා කරනවා බෞද්ද අපිව රවට්ටන්න…
ආ..එහෙනම් රටම නෑ..නෑ, ඔය ප්‍රතිපත්ති ප්‍රකාශය එක්කම නිවන් දකියි මගේ හිතේ. ඔන්න බලන්න මම අද කියන්නේ, පියානෝ වගේම පුතානෝත්, පත්තිරිප්පුවට නැගගන්න ඔය කුරුමානම් අල්ලන්නේ. අලි නම් ඕවාට දැන් රැවටෙන එකක් නෑ.
ගෝඨාගෙන් වත් පාඩමක් ඉගෙන නොගත් හැටි, තමන්ගේ පහත් දේශපාලන අරමුනු වෙනුවෙන් ආගම් විතරක් නොවෙයි ආගම් වටිනාම සංකේත මොවුන් අවභාවිතා කරනවා.
මේ මොන විහිළුවක් ද ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ ධර්ම පුස්තකයක්ද ? දළඳා වහන්සේට පූජා කරන්න.
දළඳා වහන්සේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා අනුමත කරාද ?
ප්‍රතිපත්ති ප්‍රකාෂනය පූජාකරන ගාතාව මොකක්ද කියල දන්නවද ?
අපරාදේ කියන්න බැහැ සද් ගුණවත් සැදැහවත් උපාසකයෝ ටික. පුදුම දුකක් විදින්නේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන්, වටිනකම තිබුනේ මහින්ද මහත්තයා සහ රනිල් මහත්තයාත් පොඩ්ඩක් අයිනෙන් වාඩි කරගත්තනම්
මේ ගැන මොනවා කියන්ඩ ද කියලා හිතාගන්ඩ බැරුවයි ඉන්නේ ? රටේ මහජනතාවට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි.
කවුද එතකොට අගමැති ? කිරිඇල්ලද? රණ්ජිත්ද? ඩලස්ද? පාඨලීද ?
ඔබතුමා රුවන්වැලි සෑය ළඟ දිවුරන්න යන්නේ කවද්ද ?මතකයි පහු ගිය සැරේ දිවුරලා ඇවිත් එක්කෙනක් හොඳටම කළා , ඔය මොනවා කලත් මෙදා පාර මාලිමාවට
කතරගම දෙයියන්ටත් කොපියක් යැව්වද?
කොහෙන් හිනා වෙන්නද තේරුම් ගන්න බෑ
" හක්කේ බුදුරැස් - බොක්කේ දඩමස් " රටේ මිනිස්සු රවට්ටලා ..අන්තිමට දළදා වහන්සේවත් රවට්ටන්නද හදන්නේ ?
තඩි බොරු පොරොන්දු උන්වහන්සේගේ අභිමුව දීලා, ඉටු නොකළොත් ඉතින් ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහින් රැවැට්ටුවා වගේ වෙයි. පරිස්සමෙන්...
ගෙම්බෝ ටිකත් ඇවිල්ලා ඉන්නේ? ප්‍රතිපත්ති ගැන නම් හිතාගන්න පුළුවන්?
මේවගේ මොළයක් නැති ජාතියක්.
අනන්ත වූ තුණුරුවන් ගුණානුභාවයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී සම්බුදු සසුන බබළවන්න, රට ගොඩගන්න, ජනතා සිතුම් පැතුම් ඉටුකොට සුඛිත මුදිත ජාතියක් බිහිකරන්න තේජෝබල පරාක්‍රම ලැබේවා...! නිරතුරුවම සම්ම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය, මඟපෙන්වීම උපකාරය නිරතුරුවම ලැබේවා... තෙරුවන් සරණයි..!!!
මේවා කවදා ඉවර කරන්නද? ඉස්සර ඉන්න සෙට් එක අනේ මෙහෙම ..෴෴..
2 වසරේ මිත්‍රෝරුනී, මගේ ප්‍රතිපත්තිය උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු.. හා හා හා
බුදුරජාණන් වහන්සේට කාගෙවත් ප්‍රතිපත්ති පූජා කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නොදැන කරන ක්‍රියාවකි...
මේ මේ ඕකේ බොරු එහෙම තියෙනවද?
අනුර කුමාර හොඳ මනුස්සයෙක් වෙන්න ඇති.., හැබැයි ජනතාවගේ බහුතරයකගේ විශ්වාස, ඇදහිලි තේරුම් අරන් නැහැ. ඒක තේරුම් ගන්න ඕනෑකමක් නෑ. කොහොම හරි ඒක එයාලාගේ වැඩක්...!
ප්‍රතිපත්ති දළදා සමිඳුට පූජා කරලා? ජනතාවට දළදා සමිඳුන්ගේම පිහිට ලැබේවා...!