
(සුමිත් පොතුපිටිය)
මතුගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙක් මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියට අනුයුක්තව මතුගම අධිකරණයේ ආරක්ෂක රාජකාරි නියුතු සැරයන්වරයකු බව පොලිසිය කීය.
සැකකාර සැරයන්වරයාව අත්අඩංගුවට ගනු ලැබූ නිළධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සදහා මේ වනවිට මතුගම පොලිසියට රැගෙන විත් සිටින බවද නිළධාරියා වැඩිදුරටත් පැවසීය .
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු යතුරු පැදියක් මුදාහැරීම සදහා සහාය වී මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව රෝහලේ ඉන්න පොලිසියේ අය, මිනියක් රිලීස් කරන්න කන්න දෙන්න කියනවා. දුප්පත් අඩුකුලේ, මන්ද බුද්ධික ළමයි බඳවා ගන්න එපා.