
(සුමිත් පොතුපිටිය)
මත්කුඩු අලෙවි කරන නිවසක සැක කටයුතු අන්දමින් රැදී සිටී පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අද(29) අලුයම අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරි නියුතු කොස්තාපල් වරුන් තිදෙනෙකි.
සැකකාර පොලිස් නිළධාරින් තිදෙනා මත්කුඩු අලෙවි කරන නිවසක රැදී සිටින බවට උසස් පොලිස් නිළධාරියෙක්ට ලද තොරතුරක් මත වැලිපැන්න පොලිසිය දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි ජංගම සංචාරය නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් නිළධාරීන් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සදහා එහි රැදීසිට ඇති බවට පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd