
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ලියනගේ පාරේ ව්‍යාපාරිකයකු ගේ නිවසට මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක පැමිණි දිනම රුපියල් ලක්ෂ 85 කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් මෙරට සහ විදේශීය මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
සොරාගෙන ගිය රන් භාණ්ඩ අතර පවුම් 39 1/4 බර රන්තැල්ලක් , මාල 7 ක් පළඳනා 2 ක් , රන්කාසි 5 ක් කරාබු ජෝඩු 7 ක් මුදු 4 ක් වලලු 8, ක් මුදල් රුපියල් 1500/= මැඩගස්කර විදේශ මුදල් 50,000 වන බව පොලිසිය කියයි.
පුවත්පත් දැන්වීමක් හරහා වැඩිමල් සහෝදරිය මාර්ගයෙන් ඉකුත් 27 වෙනිදින පෙරවරු 10 පමණ එම කාන්තාව ගෙන්වාගෙන එම කාන්තාවගේ පුද්ගලික තොරතුරු කිසිවක් නොගෙන ඇයගේ දුරකථන අංකය පමණක් ලබාගෙන සේවය සඳහා යොදවා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එදින ව්‍යාපාරිකයා ගේ බිරිඳ දරු දෙදෙනාත් රැගෙන පාසල් ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ බිරිඳගේ පියා සහ මව පමණක් බවත් දහවල් එකට පමණ බිරිඳගේ පියා ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ගෙන මෙහෙකාරිය නිවසින් නොදන්වා පිටව ගොස් ඇති අතර ඒ පිළිබඳ සැක සිතා නිවසේ උඩුමහලේ නිදන කාමරේ තිබූ අල්මාරිය පරික්ෂා කිරීමේදී එහි තිබූ රන් භාණ්ඩ කිසිවක් නොතිබූ බවත් නිවැසියන් පොලිසිය පවසා ඇත.
රන් භාණ්ඩ රෙදි බෑගයක ඔතා අත් බෑගයක් තුළ අල්මාරියේ දමා තිබූ බවත් යතුර එහිම රඳවා තිබූ බවත් ඊට අමතරව අල්මාරියේ ලාච්චුවේ ලංකා මුදලින් රුපියල් 50000/= ක් පමණ වටිනා මැඩකස්කර මුදල්ද ලංකා මුදල් 1500 /= රුපියල් 45000/= ක් පමණ වටිනා ඇපල් එයාර් පොඩ්ස් දෙකක්ද රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙහෙකාරිය නිවසට ආ දවයේම ලක්ෂ 85කට විදලා
මොට්ටපාල Friday, 30 August 2024 07:03 AM
ව්‍යාපාරිකයාට සල්ලි තිබුණාට මොළේ නැහැ... මෙහෙකාරියට සල්ලි නැතිවට...
kamani Friday, 30 August 2024 08:17 AM
සල්ලි තිබුණාට මොලේ නැ. රන් ආභරණ ආරක්ෂාවට බැංකුවේ තියන්න පුලුවන්. මුදල් ගෙදර තබා නොගෙන කාඩ් භාවිතා කරන්න පුලුවන්. අපේ රටේ මිනිස්සුන්ට මොලේ පෑදෙන්නේ කවදාද?
Achini Friday, 30 August 2024 06:07 PM
මෙහෙකාරිය රාජපක්ෂ පවුලේ කෙනෙක්ද?