
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පලාත් සභා මන්ත්‍රී සිංහාර පුෂ්පකුමාර වෙඩික්කරු සහ රියදුරු සැකකරුවන් තිදෙනා පැය 72 ක කාළයක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 කණ්ඩායම පවසයි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අනුමැතිය මත මෙම සැකකරුවන් තිදෙනා රදවා ගෙන ප්‍රශ්න කෙරේ.
පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාල ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවකු වන සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් "පොඩි බලයා" නැමැති වෙඩික්කරුට සහ ඝාතන සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයේ රියදුරු ලෙස මදුසංක ද සිල්වා නොහොත් "බහිරවයා" යන අය මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම ක්‍රියාවට සාපේක්‍ෂව සමාන විය යුතුමයි...!