බෝම්බ අනතුර වළක්වා නොගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා‘
දේවස්ථාන තුනක්, සුපිරි හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක දී ඉකුත් 21 දා සිදුවූ බෝම්බ පිපිරවීම් ගැන ඇමතිවරුන් හා ඉහළ නිලධාරින් දැන සිට ඇතත් එම අපරාධය සිදුවන්නට නොදී වළක්වා නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය.